Thursday, October 3, 2013

Windows වලදී අවතාරගතව ඇති හෝ සැඟවී පවතින් දෘඩාංග සොයා ගැනීම - How to retrieve Ghost of hidden hardware on Windows OS

Windows Device Manager භාවිතයේදී පරිගණකයට සම්බන්ධව ඇති සියළුම දෘඩාංග එහි සටහන් වෙතැයි ඔබ සිතා සිටිනවා විය හැකි වුවත් එය එසේ වන්නේ නැහැ. පැරණි ගණයේ Non Plug & Play උපකරණ එසේ දර්ශනය නොවනවා සේම යම් විදියකින් ඔබ දැන් ඉවත් කර ඇති දෘඩාංගයක් හරි හැටි uninstall නොකර එය ඉවත් කළේ නම් එයද මෙම ස්ථානයේ නොපෙන්වන අතර එවැනි උපකරන Ghost hardware ලෙස හදුන්වනු ලැබේ. මෙහි ඇති අවධානම වන්නේ එසේ ඇති දෘඩාංගයක් වෙනුවට වෙනත්  දෘඩාංගයක් පරිගණකට සවි කිරීමෙන් පසු ඇතැම්විට Conflict තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩයි. ඒ මන්දයත් Windows විසින් තවමත් මේ දෘඩාංගයත් තමන් විසින් පාලනය කරනු ලබන පරිගණකයට සවිවී ඇති සේ සලකා එය වෙනුවෙන්ද සම්පත් වෙන්කිරීම සිදුකර ඇති හෙයිනි. 

මෙවැනි සැඟව පවතින හෝ Ghosted  තත්ත්වයේ ඇති දෘඩාංග සවිස්තරාත්මකව ලබා ගැනීම සදහා ඔබ කළ යුත්තේ  Device Manager හිදී View වෙත ගොස් එහිදී Show Hidden devices යන්න තේරීමයි.

තවද Windows 8 හිදී ලැබී ඇති නව පහසුකමක් වන්නේ එක් එක් දෘඩාංගය දැනට ස්ථාපනය කර ඇති Windows 8 තුලදීම පරිගණකයට සවි කර අදාල සැකසුම් කර ඇත්නම් එය සවිකර දින පටන් එයට භාවිතා කරන ලද drivers, එම දෘඩාංගය ක්‍රියාත්මක කිරීමේදී යම් දෝශයක් ඇතිව තිබේ නම් ඒ පිළිබදව යනාදී සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට Device Manager හිදී ඒ ඒ දෘඩාංගය මත right click කර එහිදී Properties යන්න තෝරා එහිදී Event යන්න තේරීමෙන් ලබා ගත හැකි වීමයි.

එසේම DOS Prompt හිදීද driverquery යන විධානය භාවිතා කිරීමෙන්ද ඒ ඒ දෘඩාංගයට අදාල තොරතුරු දැන ගත හැකිය.

6 comments:

  1. දිනේශ්,

    මම ඔයාට email එකක් එව්වා සින්හලෙන් type කරන විඩිය අහල. ඔයාගෙන් උත්තරයක් නෑති නිසා මමම ඒක හොයා ගත්තා.

    මම ඔයගෙ බ්ලොග් එකට පිස්සු වෑටිලා ඉන්නේ. මේක මරු. මම මෙච්චර කල් හොයපු බ්ලොග් එක මට හම්බුනා. මාව ඔයාට අනිවාර්යෙන් වඩ්යක් වෙයි.

    Mama
    Rukmal

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඔබෙන් සමාව අයැද සිටිනවා ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට නොහැකිවීම පිළිබදව.ඇත්තටම වෙලා තිබෙන්නේ මට වැඩකටයුතු අධිකවීම නිසා ඇතැම්විට දින ගණන් පවා email බැලීමට නොහැකිවීමයි. කෙසේවෙතත් ඔබට යම් අවශ්‍යතාවයක් වෙතොත් ඉදිරියේදිත් අහන්න. හැකියාවක් ලැබුන විගස ඒ පිළිබදව ක්‍රියාත්මක වෙන්නම්. ස්තූතියි!

      Delete
    2. ඔබේ පිලිතුරට ස්තුතියි. ඈත්තෙන්ම එය සුලු කරුනක්. තවමත් ඔබේ ලිපි කියවමින් පවතිනවා.

      Delete
    3. මමත් ටයිප් කරන්නෙ මේ සයිට් එකෙන් වෙන විදියක් තියෙනවද
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

      nelson.rodrigo@camoplastsolideal.com

      Delete
    4. මුලදී ටිකක් අසීරුවුනත් යතුරුපුවරුවෙන්ම ටයිප් කිරීම තමයි මටනම් හිතෙන දොම ක්‍රමය....

      Delete
    5. ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එක උඩ ඉදගෙනම සිංහල ටයිප් කරන්න
      http://qsfox.mozdev.org/ --> install මෙන්න මේ සයිට් එකට ගිහින් ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගන්න.ගූගල් ඉන්පුට් ටූල් එකටත් වඩා ලේසියි.

      Delete