Wednesday, September 12, 2012

ඉතාලියේ සිටින මිතුරෙකු එවූ ඉතාලියේ පින්තූර කිහිපයක් සහ නවසීලන්තයේ සුන්දර සේයාරූ කිහිපයක් වෙනස් ආකාරයකට - Italy & Newzealnd

අද ඔබට ලබාදෙන පින්තූර වලින් ඉතාලියේ පින්තූර පිළිබදව යමක් පවසනවා නම් එම පින්තූර මට එවා තිබුනේ සත් සමුදුරට පැමිණෙන ඉතාලියේ සිටින මිතුරෙකු වන ශශික ප්‍රනාන්දු විසින්. ඒ පිළිබදව ස්තූතිය ඔහුට පුද කරන ගමන්ම තවත් පින්තූර කිහිපයක් ඔබට පෙන්වනවා. ඒ නවසීලන්තයේ දැකුම්කළු ඇස් ඇදගන්නා ස්ථාන කිහිපයක. ඒ වගේම මෙහිදි පින්තූරවල ලස්සන වගේම පින්තූර ඔබට පෙන්වන ආකාරයේ වෙනසකුත් තිබෙනවා. ඔබටම එය දැක ගන්නට පුළුවන් මෙම කුඩාවට තිබෙන පින්තූර මතට Mouse pointer එක ගෙනගියාම. බලන්න ඒ ක්‍රමයත් හොදයිද කියා. 

මේ තිබෙන්නේ ඉතාලියේ පින්තූරයි - ඔබට මතකද ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? ලිපියේ මෙම අශ්ව පිළිරුව ගැන තිබුනා. 



මෙන්න ඒ පිළිරුව ගැන තියෙන ඵලකය
මේ ලූවර් කෞතුකාගාරය හා එහි තිබෙන අප මීට පෙර කතා කල මොනාලිසා සිතුවමයි.
හිරු බැස යන මොහොතේ සුන්දර වැනීසිය
මේ තියෙන්නේ සුන්දර නවසීලන්තයේ සේයාරූ කිහිපයක්.




වෙනදාට වඩා වෙනසක් අත්දැකීමක් ඔබ අත්විදින්නට ඇතැයි කියා සිතනවා. ඉදිරි ලිපියකදී මෙම Effects භාවිතා කළ අන්දම පවසන්නම්...

15 comments:

  1. මම කැමතිම නවසීලන්තය... චිත්‍රපට වල පෙන්නනවටත් වඩා ඉතාමත්ම ලස්සන දර්ශන තියෙන්න පුලුවන් ලස්සනම ලස්සන රටක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන දේ සත්‍යයක්. මීට වසර 10 කට විතර ඉස්සර රූපවාහිනී නාලිකාවක ගිය හර්කියුලිස් ටෙලි වෘතාන්තයේදිත් ග්‍රීසිය වෙනුවට අපි දැක්කේ සුන්දර නවසීලන්තයයි...

      Delete
  2. නවසීලන්තයෙ ෆොටෝ ටිකනම් ලස්සනයි.

    අර ඉතාලියෙ ෆොටෝ යාළුවම අරගත්තු ඒවද?

    ReplyDelete
    Replies
    1. ම්... ඒක නම් හරියටම දන්නේ නම් නැහැ. මම හිතනවා ඔහු විසින්ම ලබා ගත් ඒවා කියා...

      Delete
    2. ඒ මිතුරා මට දැනුම් දුන්නා මේ ඔහු විසින්ම ඉතාලියේදී ලබා ගත් ඡායාරූප බවට...

      Delete
  3. මේ පින්තුර high resolution වලින් බාගත කරගන්න තිබුනානම් මුදල් ගෙවලා වුනත් කරගන්න වටිනවා.

    මම ඔබෙන් ඉල්ලීමක් කළා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ අකුරුවල වර්ණ වෙනස් කිරීම ගැන. හැකිනම් ඒ ගැන නැවත සලකා බලනලෙස කාරුණිකව ඉල්ලනවා. මේ දිනවල මා කරගෙන යන ලිපි මාලාවට එය අත්‍යවශ්‍යයි. එසේම underline කිරීමට ක්‍රමයක්ද කියා දුන්නොත් බොහොම පින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මතක හැටියට එම මුල් පින්තූර මගේ ගාව ඇති. මට ඔබේ email ලිපිනය එව්වොත් මම ඒවා ලැබුන විගසම එවන්නම්.

      ඔබගේ ඉල්ලීම අමතක කරලා නැහැ. මම Wordpress blog එකකුත් තනා ගෙනයි සිටින්නේ. ඉක්මනින්ම ඔබේ අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නම්...

      Delete
    2. බොහොම ස්තුතියි.මගේ ඒ මේල් ලිපිනය.
      wmjgslsr@gmail.com

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  4. ලස්සන පිංතූර ටික දිනේෂ්.......
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. නවසීලන්තයේ ලස්සන නම් කියන්න බැරි තරම්!!
    ස්තුතියි අප සමග බෙදා ගත්තට..........
    හැකියාවක් ඇත්නම් මටත් මේල් කරන්න
    chamikawp@yahoo.com

    - chamikawp.blogspot.com -චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    ReplyDelete
  6. මොනාලිසා චිත්‍රය ඇඳපු ඩාවින්චි ඉතාලියානු ජාතිකයෙක්... ඒත් මොනාලිසා චිත්‍රය ප්‍රදර්ශනය කරන ලූවර් කෞතුකාගාරය තියෙන්නෙ ප්‍රංශයේ... මේ ඡායාරූපය අරගෙන තියෙන්න පුලුවන් ප්‍රංශයේදි විතරයි... :)

    ReplyDelete
  7. view website t2a51p1j05 best replica bags replica bags manila o6s37v1o28 replica bags by joy gucci replica o9j03k9n80 replica bags louis vuitton my explanation o3k87s0m13 replica louis vuitton bags replica bags nyc v4h03m6v45

    ReplyDelete