Thursday, March 8, 2012

පින්තූර කෑලි එක්කර තනි පින්තූරයක් තැනීම

මෙන්න කාලෙකට ඉස්සර ආරම්භ කරල වැඩිය මොනවත් ලිව්වේ නැති තේමාවකට අදාලව අද යමක් ලියන්නට සිතුනා. ඔබට මතකද ගියවර පල කල මධ්‍යතන යුගය ගැන ලියූ මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5 ලිපියේ තිබූ මෙම කරත්තය.

මේ පින්තූරය ඇත්තටම කොටස් තුනක් ලෙස Screen Capture කරල අරගෙන පසුව Photoshop වලදී එකට එකතු කරල තනි පින්තූරයක් කරන ලද එකක්. Screen Capture කරන්න භාවිතා කලේ මීට පෙර සත් සමුදුරෙත් කිව්ව SnagIt කියන මෘදුකාංගය භාවිතයෙන් (Screen Capture වලට SnagIt!)

Photoshop CS3 ‍වගේ නවතම සංස්කරණ වල නම් Photomerge වලට ස්ව්‍යංක්‍රීයවම කර ගැනීමේ පහසුකම මෘදුකාංගය මගින් ලබා දී තිබුනත් Photoshop 7 වගේ පැරණි සංස්කරණයක් හෝ තමන්ට අවශ්‍ය විදියට නිර්මාණාත්මකව ටිකක් වෙනස් විදියට කරගන්න ආකාරය මා එම කාර්යය කල සැටියෙන්ම ඔබට කියන්නම්.

මම මේ කරන පියවරයන් වලට වඩා වෙනස් විදියට සමහරවිට ඔබ මේ දේ දැනටමත් කරවත් ඇති. කොහොමවුනත් මම පින්තූරය එකලස් කිරීමේදී එයට ගැලපෙන විදියට කල ආකාරය පියවරෙන් පියවර සටහන් කරන්නම්.

මෙන්න මේ වගේ කොටස් තුනක් තමයි SnagIt වල Freehand කියන option එක ආධාර කොට ගෙන ලබා ගත්තේ. මේ ලබාගත් ගොනු ත්‍රිත්වයම .png කියන Extension එකෙන් තමයි Save කලේ. එයට හේතුව තමයි මේ  Extension එක භාවිතා කරල Save කල විට background එක  Transparent තියෙන තැන් ඒ විදියටම Save වීම. (මේ ගැනත් කලින් ලිපියකදී සදහන් කලා - පසුබිම Transparent විදියට Image එකක් Save කර ගන්නේ කොහොමද???)

දැන් Photoshop මෘදුකාංගය ක්‍රියාත්මක කරගෙන මෙම පින්තූර කොටස් තුනම විවෘත කරගන්න.

ඊලඟට කරන්න තියෙන්නේ Photoshop වලදී වන ගොනුවක් විවෘත කරගන්න එක. එහිදී මෙම එකලස් කරන පින්තූරයට සරිලන ආකාරයේ ගොනුවක් තනා ගන්නා අතරම එයත් Transparent ආකාරයෙන් තිබෙන සේ ගැනීම පහසුවක් වේවි.

දැන් විවෘත කරන ලද පින්තූර ‍කොටසක් වෙත ගොස් එහිදී Ctrl සමග A හෝ Menu Bar එක භාවිතා කර පින්තූරය Select කර ගෙන එය Ctrl සමග C හෝ Menu Bar එක භාවිතා කර Copy කර ‍ගෙන විවෘත කර ගත් නව ගොනුව වෙත ගොස් එහිදී Ctrl සමග P හෝ Menu Bar එක භාවිතා කර පින්තූරය එහි Paste කර ගන්න.
 


දෙවන පින්තූර කොටසටද ඉහත පියවරයන් අනුගමනය කර එය Paste කිරීමට ප්‍රථම එහිදී මෙම පින්තූර කොටස සදහා නව ලේයරක් තනා ගෙන එයට Paste කිරීම සිදුකල යුතු අතර නව ලේයර තනා ගැනීමට Ctrl සමග Shift සමග N හෝ Menu Bar එක භාවිතා කර නව ලේයරය සාදා ගන්න.

තෙවන පින්තූර කොටස සදහාද පළමු පියවරයන් සමග නව ලේයරක් තනා එයට එම පින්තූර කොටස Paste කර ගන්න.

මෙන්න කොටස් තුන වෙන වෙනම.

දැන් මේ කොටස් සුදුසු තැන් වලට ස්ථානගත කරල එක් කරන්න. මේ සදහා මෙම පින්තූර පැහැදිලිව පෙනීමට Ctrl සමග + භාවිතා කර Zoom කර ගන්න.

පින්තූරය එකලස් කිරීමේදී ඒ ඒ ලේයර වල අනුපිළිවෙල පින්තූරය වඩාත් පහසු හා සුමට ලෙස එක් කිරීමට ආධාරවන පරිදි වෙනස් කර ගැනීමත් අවශ්‍ය වුනොත් කරන්න වේවි. ඒක කරන්නේ ඒ ඒ ලේයර් drag කිරීම මගින්.

මෙන්න දැන් කොටස් එක කරන ලද පින්තූරය. හැබැයි මේ රවුම් කරල පෙන්වල තියෙන තැන් වලින් දැක ගන්න පුළුවන් පින්තූර Capture කරන කොට මඟහැරුන තැන් දෙකක්. ඒකත් යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් Clone Stamp Tool එක භාවිතා කිරීම මගින්. හැබැයි ඊට කලින් මේ ලේයර් තුනක තිබෙන පින්තූරය එක් ලේයරයකට Merge කර ගැනීම කරන්න ඕන. ඒක සදහා Menu bar එකේදී පහත දැක්වෙන විදියට Layer Merge කරගන්න.

දැන් Clone Stamp Tool  එක ආධාර කරගෙන පින්තූරයේ මඟහැරුන තැන් පිළිසකර කරගන්න. ඒ සදහා ඒ අදාල කොටසට ආසන්නම සමාන තැනක් මතට ගිහිල්ලා Alt සමග Click කර ඉවසීමකින් යුතුව පින්තූරය සකස් කර ගන්න. දැන් පින්තූරයට අවශ්‍ය ප්‍රමණයට Crop Tool එක ආධාරයෙන් Crop කර ගන්න.


අවසානයේ එකලස් කරන ලද පින්තූරය .JPEG හෝ .PNG Extension  එකක් යටතේ Save කර ගන්න.
එච්චරයි කරන්න තියෙන්නේ...

2 comments:

  1. හුඟක් වටින ලිපියක්....
    පුළුවන් නම් මේ ජාතියෙ තව ලිපි දෙක තුනක් දාමු.

    ReplyDelete
  2. උදාර කිව්වා වගේ තව මේවගේ ලිපි ටිකක් දාමු.

    ReplyDelete