Thursday, October 6, 2011

ටයිටනික් නැවේ ඇතුලත පින්තූර

ටයිටනික් නැව ගිලී දැන් වසර 100 කටත් කිට්ටුවී ඇතත් තවමත් ටයිටනික් ගැන ලිපි පින්තූර ආදිය දැක ගන්නට ලැබේ. නැවතත් කිසිදා සාමන්‍ය කෙනෙකුට පියවි ඇසින් දැකගන්නට නොහැකිවුනත් විටින් විට වාර්තා වැඩසටහන් ආදියෙන් මුහුද පත්ලට විශේෂිත උපකරණ යවා ගනු ලබන සේයාරූ හෝ විඩියෝ දර්ශන වලින් මෙම දැවැන්ත නෞකාවේ මැකී ගිය අතීත ශ්‍රී විභූතියේ නටඹුන් සිහියට නගාගැනීමට සිදුවී තිබේ. අපි බොහෝවිට දැක ඇත්තේ මෙම නෞකාව යාත්‍රා කිරීමට පෙර එහි පිටත දර්ශනවුවත් එහි ඇතුලත සත්‍ය දර්ශන දැක ඇත්තේ අල්ප වශයෙනි. කෙසේවෙතත් මේ එම නෞකාවේ ඇතුලත සත්‍ය සේයාරූ ලෙස විශ්වාස කරන අතර දැනට වසර 10 කට පමණ පෙර නිමවූ ටයිටනික් චිත්‍රපටියේ නෞකාවේ ඡායාරූප ගෙන ඒවා කළු සුදු ලෙස පරිවර්ථනය කරන ලද ඒවා නොවේ යයි සිතමි.







 
















14 comments:

  1. ටයිටැනික් නැවේ කතාව ඇර අනිත් ඔක්කොම ඇත්ත කියලා මම කව්දෝ කියනවා අහලා තියෙනවා.

    ReplyDelete
  2. ටයිටැනික් නැවට අදාළව හුඟක් පින්තූර දැකලා තිබුණත් මේ වගේ ඒවා නම් දැකලා තියෙන්නේ කලාතුරකින් තමයි.

    ReplyDelete
  3. මුලින්ම බොහොම කාලෙකට පස්සෙ ආව නිස ඔබතුමාට ආයුබොවන්. ඉතින් දැන් දිගටම වගේ සත්සමුදුරට එන්න පුලුවන් නිතරම වගෙ, වෙනස්කම් ගොඩක් වෙල පහුගිය කාලෙට වඩා, ඒත් සත්සමුදුරේ වටිනාකමනම් අඩුවෙලා නෑ, ඉතින් ඔබතුමාට ජය පතන අතරම දැන් කියවන්න බැරිවුනු ලිපි ටික කියවන්න පටන්ගන්න ඕනි.

    ReplyDelete
  4. අන්තර්ජාල දැනුම් ගුහාවෙන් රසවත් , සොඳුරු , වටිනා දෑ තෝරා බේරා ගෙනැවිත් අපි ඉදිරියේ තබන ඔබේ වෙහෙස අගය කළ යුතුමයි ..
    මේ දැනුම් මුතු අහුර අපට දෙන්නට ඔබ වන වෙහෙසේ , වැය කරන කාළයේ , මුදලේ වටිනාකම ...මේ කියවන්නන්ගේ අවංක ස්තුතියියෙන් ලැබෙන නිරාමිස සතුටින් පියවන්නට තරම් ඔබ පිංවන්ත බව නම් කිවයුතුමයැ ...සිංහල බ්ලොග් පරිශ්‍රයේ ඇති අව්‍යාජ රසය එය යැයි සිතමි ...

    ReplyDelete
  5. මේ දැක්කමයි.කොහොමට තියෙන්න ඇත්ද නේ?

    ReplyDelete
  6. මම නම් දැක්කමයි ඇත්ත නැව ඇතුලේ පින්තූර..

    ReplyDelete
  7. මාත් මීට කලින් දැකල තිබුනෙ නෑ. බොහොම පිං...

    ReplyDelete
  8. ස්තුතියි පිංතුර ටිකට .......ඉස්සර අර වැල්ලවත්තේ දිරපු නැව කෝච්චියේ යනකොට දකිනකොට මට මතක් වෙන්නෙම ටයිටැනික් එක....

    ReplyDelete
  9. හැමෝටම ස්තූතියි! මමත් මීට පෙර නම් මෙම පින්තූර දැකලා නැහැ. හැබැයි පොඩි චකිතයකින් තමයි දැම්මේ මොකද Photoshop වලින් පින්තූර පරණ කරන එක එතරම් දෙයක් නොවෙන නිසා මේවත් එවැනි ඒවැදැයි සැකයක් තිබුනා...

    සංහිද පාමුල මිතුර ඔබ නැවතත් සත් සමුදුරේ දකින්නට ලැබීමත් සතුටක් ඔබගේ වැඩකටයුතු යම් පමනකින් දැන් නිමවී ඇතැයි සිතමි. ඒවගේම ඔබගේ බ්ලොග් අඩවියටත් අළුත් දේවල් එකතුවන ඇතැයි සතුටින් බලාපොරොත්තුවෙමි. සත් සමුදුරේ නම් පසුගිය කාලයේ වාදවිවාද, අළුත් තේමාවන් රැසක් එකතුවුනා...

    ReplyDelete
  10. මම ගොඩක් ආස අර පළවෙනි පින්තූරයේ තියෙන පඩිපෙළට. ඒක හරිම ලස්සන නිර්මාණයක්. පඩිපෙළට උඩින් තියෙන dome එක හරිම කලාත්මකයි. මගේ හීනයක් තියෙනවා කවදා හරි මම හදන ගෙදරට මේ වගේ පඩි තට්ටුවක් දාන්න

    ReplyDelete
  11. palaweni paarata dakke... godak sthoothi :)

    ReplyDelete
  12. Mewa dakkama nawaka yanna hithenawa.

    ReplyDelete