Friday, September 23, 2011

අද ත්‍රස්තවාදය තුරන් කරන්න ලෝකේ පුරාම දඟලන ඇමරිකාව එදා ත්‍රස්තවාදයට උදව්කල හැටි දැන ගන්න මෙන්න අවස්ථාවක්...- Good Muslim, Bad Muslim හෙවත් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්දය

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසය නිසා වගේම කොළඹ ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල පොත් ප්‍රදර්ශන රැසක් පැවැත්වෙන නිසා මේ දිනවල ටිකක් පොත් පිළිබදව ලිපි වැඩියෙන් පලවෙන එකට ඔබ අමනාප නොවෙයි කියා සිතනවා. ඉතින් දැන් දන්නවා මේ ලිපියත් පොතක් ගැන කියලා. කොහොමවුනාත් මේ පොතත් ටිකක් සුවිශේෂ වේ යයි සිතනවා. ඒ තමයි අද ලෝකය පුරා ත්‍රස්තවාදය තුරන් කිරීමට මොරදෙන ඇමරිකාව විසින් කාලෙකට ඉහත (දැන් වුනත් ඇමරිකාව තමන්ට වාසිනම් කඹරගොයා වුනත් තලගොයා කරන්න පැකිලෙන එකක් නැහැ).  ලෝකය පුරා සිදුවූ ත්‍රස්තවාදී සිදුවීම් හා සංවිධාන වලට උදව් උපකාර හා ආශිර්වාද කල අයුරු දැක්වෙන පොතක් තමයි මෙය.

මෙයත් පරිවර්ථනයක් මෙම පොතේ මුල් කතෘවරයාවන්නේ මහාචාර්ය මුහමද් මම්දානි මහතා වන අතර එය Good Muslim, Bad Muslim : America, the Cold War, and the Roots of Terror නමින් තමයි හදුන්වාඇත්තේ.

මෙහි සිංහල පරිවර්ථනය උදිත අලහ‍කෝන් මහතා විසින් සිදුකර ඇති අතර සිංහල පරිවර්ථනයේ නම ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්දය.

ඔබට මෙම ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්දය පොතෙන් ඇමරිකාව CIA සංවිධානය හරහා ලෝකයේ බොහෝ මහද්වීප වල සිදුවූ ආණ්ඩුපෙරලීම් හා ත්‍රස්තවාදී ක්‍රියාවලට දක්වා ඇති දායකත්වය, තම හිතවාදීන්ට ආයුද ගෙනයන ගුවන් යානා හිස්අතින් නොව පිරෙන්න මත්ද්‍රව්‍ය පටවාගෙන නැවත ආ සැටි. අහිංසකයන්‍ පෙලීමට තම දායකත්වය දුන් ආකාරය දැනගත හැකියි.

ඔබටත් හැකියාවක් ඇතොත් මේ පොත බලන්න. හැබැයි මධ්‍යස්ථ චින්තනයෙන් පරිශීලනය කරනවා නම් හොදයි.

පොතේ 2007 පළමු මුද්‍රණය අනුව මිල රු.450/= ක්.
කතෘ ප්‍රකාශනයක් වන මෙය බෙදාහැරීම ගොඩගේ ප්‍රකාශකයෝ විසින් තමයි සිදුකරල තියෙන්නේ.

ඉතින් බොහෝ පොත් ප්‍රදර්ශනවලට ගොඩගේ ප්‍රදර්ශන කුටියක් තිබෙන නිසා පොත් සොයා ගැනීමට අමාරුවෙන එකකුත් නැහැ. ඒ වගේම කියන්න ඕන මේ පොතේ පිටකවරය නිර්මාණය කරල තියෙන්නෙත් සත් සමුදුරටත් එන, දැන් දිනකිහිපයකට පෙර ඔබට දැනගන්නට ලැබුන අවසන් විසදුම පො‍තේ කතුවර මහතා වන ප්‍රියන්ජන් සුරේශ් ද සිල්වා මහතායි. ඔහු ලේඛණයට අමතරව ඡායාරූපකරණය හා තවත් ක්‍ෂෙත්‍ර කිහිපයකම දක්‍ෂ මහත්මයෙක්.

මෙම පොතේ ISBN අංකය : ISBN 978-955-30-0172-6

10 comments:

  1. ඇමරිකාවේ කවදත් තිබුනේ ගිජුලිහිණි ප්‍රතිපත්තිය.ඔවුන්ගේ යුධ හා ආර්ථික ශක්තිය නිසා එයට අභියෝග කරන්න කව්රුත් ඉදිරිපත් වන්නේ නැත.

    ReplyDelete
  2. මුස්ලිම් පොරක් ලියපු පොතකින් ඕව කියවනවයි කියන්නෙ ඉතින් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් තමයි :D

    . ප්‍රභල රටවල් ත්‍රස්තවාදය තමන්ගේ වාසියට යොදාගන්න නිසා තමයි අදටත් ත්‍රස්තවාදය පවතින්නෙ . හැබැයි උද්ව් කරපු අය ඉල්ලගෙන කාපුවාම තමයි රඟේ තේරෙන්නෙ . ඇමරිකාව බිල් ලාඩන් ගෙනුත් , රජිව් ගාන්ධි ප්‍රභාකරන් ගෙනුත් ශෝක් එකට ඉල්ලගෙන කැවෙ . මේ ලිපියට ආසන්න ම හේතුව C නිවුසියේ තිබුන ඇමරිකාව පකිස්ථානයට ප්‍රහාර එල්ල කරන නිවුස් එකද ??

    ඒක ඇත්තක්ද කියන්න නම් මම දන්නෙ නැ , හැබැයි ඇත්තක් නම් මම කොන්දේසි විරහිතව ඇමරිකාවට සපෝට් .

    ReplyDelete
  3. @Anonymous - අපිට අකමැත්තෙන් වූවත් පිළිගන්නට වන සත්‍ය තත්වය එය තමයි. ඇමරිකාව සතු අසීමිත යුද ශක්තිය හා හැපෙන්නට හැකි රටවල් තිබේ නම් ඒ ‍රුසියාව හා චිනය පමණයි...

    ReplyDelete
  4. @buwa - කලින් ලිපියකදී මට සෝවියට් හා චීන ප්‍රහාරයකට ලක්වෙන්න වුනා. මට හිතෙනවිදියට මට මේ ලිපියේදී ඇමරිකන් ප්‍රහාරයකට ලක්වෙන්න වෙයි වගේ :D

    ඔව් ඔබ කියන විදියට මේ ලිපිය දාන්න ලංකාසීනිව්ස් අඩවියේ ඇමරිකාවට පහරදෙනවාය කියන පුවතත් හේතුවුනා. ඒ එක්කම මේ‍ පොත ගැනත් කවදා හෝ පල කරන්න සිතා සිටින අතරම මේ සිද්ධිය හා මේ දිනවල තිබෙන පොත් ප්‍රදර්ශනයත් එයට හේතුවුනා.

    මම නම් දකින විදියට අපිට කොයිරටක් පැත්තවත් ගන්න බැහැ වගේම පකිස්ථානය අපේ යුද්දය වෙලාවේ දුන්න උදව් නිසා අපිට ඔවුන්ට එරෙහිවෙන එකත් අකෘත්‍යවීමක් ලෙස පේන්න ඉඩකඩ වැඩියි.

    ඒ කොහොමවුනත් ඇමරිකාව වගේම පකස්ථානයත් ඒකාබද්ධව ත්‍රස්තවාදයට උදව් කරා‍ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ යුද්ද කරන අවධියේදී ඊජිප්තුව හරහා සෝවියට් AK 47 අවි සෝවියට් දේශයෙන්ම ලබාගෙන ඒවා පකිස්ථානය හරහා සෝවියට් විරෝධී සටන්කාමීන්ට ලැබෙන්නට සැලැස්සුවේත් ඇමරිකාව බව කිව්වේ ඇමරිකාවේම ඩිස්කවරි නාලිකවේ වැඩසටහනකයි.

    මෙහි කතුවරයා මුස්ලිම් ජාතිකයෙකු නිසා ඔහු කියනා දෙය පිළිබදව මෙවැනි අදහසක් පැනනගීදෝ කියන සැකය මත එයද මම සටහන් කරන්නට හැදුවත් එය සටහන් නොකර මධ්‍යස්ථ චින්තනයෙන් බලන්නට කිව්වේ ඒ නිසයි.

    කවුරු යුද්දකලත් අවසානයේ වැඩියෙන්ම මියයන්නේ අහිංසකයන් පමනකි...

    ReplyDelete
  5. පකිස්ථානය ත්‍රස්ථවාදයට උදව් කිරීම් ඉන්දියාවට එරෙහිවත් දකින්න තියෙනවා . ලංකාව නම් කල ගුණ සලකන්නත් එක්ක පකිස්ථානයට සප් එක දෙයි (මෙහෙ අය කලගුණ සලකන්න හරිම දක්සයො නේ ) , අනික කොහොමටත් අපි ඉන්නෙ ඇමරිකන් විරෝධී කඳවුරේනේ , ලිබියාව ඉරානේ වගේ අහක ඉන්න උන්ටත් කඩේ යන එකේ අපිට උදව් පදව් කරපු පකිස්ථානෙට කඩේ නොයාවියැ . මට නම් ශුවර් නැ ඔහොම එකක් ඇමරිකාව කරයි කියල මේ හදිසියේ . හැබැයි කලොත් මම පුද්ගලිකව ඇමරිකාවට සපෝට් . මොකද දකුණු ආසියානු කලාපයේ ඉන්න එපාම කරපු රට තමයි පක්ස්ථානේ (මගේ පුද්ගලික මතය අනුව )

    ReplyDelete
  6. //කවුරු යුද්දකලත් අවසානයේ වැඩියෙන්ම මියයන්නේ අහිංසකයන් පමනකි...//

    ඒ කථාව නම් සහතික ඇත්ත , හැබැයි පක්ස්ථානය පතුරවපු ( තවමත් උඩගෙඩි දෙන ) ත්‍රස්ථ වාදීන් නිසා වැඩිපුරම මිය යන්නෙත් පකිස්ථානයේම අහිංසක මිනිස්සු

    ReplyDelete
  7. පොතේ නම නම් අහල තිබුණා. ඒත් කියවලා නැහැ. ලිපියට ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  8. පාකිස්ථානය ලංකාවේ තිබුන කොටි ත්‍රස්තවාදයට විරුද්දව.. අපිට උදව් කළා.. ඒ ගමන්ම මුස්ලිම් ත්‍රස්තවාදින්ටත් උදව් කළා ( මම අහලා තියන විදිහට ) ඇමෙරිකාව.. හැම ත්‍රස්තවාදියාටම උදව් කරනවා උන්ගේ ආයුද වෙළදාම සරු කරගන්ඩ... අවි ගත්තෝ අවියෙන්ම නසී කියන කියමන ඉතින් ඔය කාටත් පොදුයි... එක අද හරි හෙට හරි ඔය හැමෝම අත් විදිනවා....

    මගේ පුද්ගලික මතයනම් ඇමෙරිකාව දගලනවා වැඩියි... ඉක්මනටම කාගෙන් හරි හොඳ කෑමක් ලැබුණානම් හොඳයි කියලා තමා මගේ පුද්ගලික කැමැත්ත..

    ReplyDelete
  9. ඔන්න අර කලින් කියපු පොත ගත්තා මේකත් ගන්ඩ හිතෙනවා.., තව දෙයක් ඇමරිකාව අතීතයේ පමණක් නෙවේ වර්ථමානයේදීත් අල්කයිඩා සහ තලිබාන් වරු සමග සබදතා පවත්වනවා.......වෙන කතන්දර මොක්ටද ලිබියාවෙ ගඩාෆිට ගැහුවෙ අල්කයිඩා කාඩර්ස් ලා ....... ඇමරිකාව අල්කයිඩා එක විනාශ කරන්නෙ නෑ ඒ වෙනුවට ඔවුන් එය අවනත කරගනිමින් තම අවශ්යතා සදහා භාවිත කරන්වා එපමනයි .

    ReplyDelete
  10. අපොයි මන් නම් විරුද්ධයි පකිස්ථානෙට ගහනවට . ඔය අහක යන මිසයිලයක් ලංකාවටත් එන්න බැරි නැහැ . අනික නරකයි කියල ගුටි බැට දීලා ඇමරිකාව හදන්න හදපු රටවල් හැදුනද ?? ඉරාකේ හෙම . අනික පකිස්ථානෙන් අපිට ලොකු කරදරයකුත් නැති එකේ . අනික ඉන්දියාවයි පකිස්ථානෙයි පොඩ්ඩක් තරහ වෙලා ඉන්න එකත් හොඳයි. ක්‍රිකට් මැච් එකකදී අපිට හුරේ දානවනේ ඔය දෙන්නම . ඉන්දියාවයි අපියි ගැහුවොත් පාකිස්තානේ අපිට සපෝර්ට්. පකිස්ථානෙයි අපියි ගැහුවොත් ඉන්දියාව අපිට සපෝට්.

    දැන් බලන්න ගඩාෆිව එලවද්දී අපිට ඇති වැඩකටත් නැතුව හුරේ දැම්මට මට ලඟදි හමු වෙච්ච තුර්කි කාන්තාවක් .[.ඇය දේශපාලන විද්‍යාවට සම්බන්ධ මහාචාර්යවරියක් ] කිව්වේ ලිබියාවේ විවිධ ගෝත්‍ර අතර තිබ්බ ප්‍රශ්න ආයෙත් එලියට ඇවිත් ලොකු අර්බුදයක් එයි කියල බියක් තිබෙන බව.

    අපි මේ හාල් මැස්සෝ පැත්තකට වෙලා ඉන්න එක තමයි නුවනට හුරු . රටක් තව රටක් ආක්‍රමණය කිරීම කොහොමත් නරක වැඩක්.

    මේ තත්වය මුස්ලිම් ඇහැකින් දකින විදිහ කියවන්නත් මන් කැමතියි.

    ReplyDelete