Wednesday, September 28, 2011

ඔබටත් උදරය ඉදිරියට නෙරා ඒම වදයක් වී ඇත්ද?

ව්‍යායාම අඩුවීම නිසා හෝ වැඩි වැඩියෙන් තෙල් අධික ආහාර ගැනීමෙන් ඔබේ උදරයත් ඉදිරියට නෙරා ඇවිත්ද? බො‍රු කියන්නේ මොකටද දව‍ස තිස්සේම පරිගණකය ඉදිරියට වී ඉදලා මමත් මේ සන්තෑසියටම ලක්වෙලා තමයි ඉන්නේ. මේ වගේ සෞඛ්‍ය පාඩමක් ගැන හොදටම දැන ගන්න පුළුවන් තැනක් තමයි මහේෂ් නිශාන්තගේ සොදුරු සුව අසපුව. හැබැයි මෙතනනම් එතරම් සංකීර්ණව මෙම ගැටළුව ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් නැතත් ගොඩවෙදකමක් හැටියට මේ විපර්යයාසයෙන් වැලකී සිටින්නට හොද ව්‍යායාම පෙලක් නම් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුවා. මේවා මට ලැබුනේ Google Buzz හිදී සම්බන්ධවුන ඉන්දීය මිතුරෙක් ගෙන්...




















හැබැයි මෙම ශාරී‍රික අභ්‍යාස වල යෙදීමට පෙර ඒවා ගැන දන්නා කියන පුහුණුකරුවෙකුගෙන් අසා දැනගන්නට ඇත්නම් වඩාත් හොදයි. ඒ වගේම කොන්දේ අමාරු හෝ වෙනත් ආබාධ වලින් පෙලෙන්නෙක් නම්  තම වෛද්‍යවරයාගේ උපදෙස් මත කිරීමටත් අවධානය යොමුකල යුතුයි.

ඉතින් මේවා බලලා මේ දේවල් ගැන දන්න කියන අය ඉන්නව නම් තව අදහස් උපදෙස් අවවාද දෙන්න කියලත් ඉල්ලා සිටිනවා...

මීට පෙරත් සෞඛ්‍ය හා සම්බන්ධ ලිපියක් පල කලා කොන්දේ අමාරු සම්බන්ධයෙන් මෙන්න එයට සබැදිය -

ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබගේ නොදැනුවත් කම නිසා අනාගතයේ මේ අපහසුතාව විඳින්නටද ඉඩ තිබේ - Low Back Pain





19 comments:

  1. මම කැමති 4 වෙනි එකට. හොඳ වෙලාවට කලින් කොන්දෙ අමාරු ගැනත් ලියල තියෙන්නේ. ගෙදර දොර වත්ත පිටියේ තියෙන වැඩ කලාම ඔය එකක් වත් ඕන නෑ.

    ReplyDelete
  2. මටනම් ඒක ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට වැදගත් වෙන පෝස්ට් එකක්......
    සත් සමුදුර දිගටම කරගෙන යාමට හැකිවේවා...
    (මෙච්චර කාලයක් ඉතා වැදගත් පෝස්ට් දැමු සත් සමුදුර කියෙව්වත් කොමෙන්ටුවක් දාන පලවෙනි පාර)

    ReplyDelete
  3. මාත් අහලා තියන විදිහට ඔය උදරයට කරන ව්‍යායාම නිවැරදි ඉරියව් වලින් නොකළොත් කොන්දේ අමාරු ඇතිවෙන්න පුළුවන්ලු...

    ReplyDelete
  4. ‍මේක නම් සෑහෙන ප්‍රයෝජනවත්...

    ReplyDelete
  5. බඩ නම් එනව තමා ගොඩක් වෙලාවට කොම්පූටරෙ ඉස්සහ නෙ ඉන්නෙ :/

    ReplyDelete
  6. තවත් හොඳ සොයා ගැනීමක් , සත්සමුදුර , ඇත්තටම දැනුම අතින් “සත්සමුදුරක්“ වැනි යැයි සිතෙන තරම් . ස්තුතියි වූ වෙහෙසට සහ සොඳුරු සුව අසපුව ගැනත් අපේ මිතුරු මිතුරියන් දැනුවත් කළාට ...

    ReplyDelete
  7. ඔව්වයේදී හුස්ම ඉහල පහල යවන රටාව වැදගත් නේද . පුහුණුකරුවෙක් එක්ක ටිකක් කලොත් තමයි හොඳ . හැබැයි ඒක පර්ස් එකට නම් හොඳ නැහැ .

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි....! සැහෙන්න වටිනවා....

    ReplyDelete
  9. මේ ව්‍යායම කරන්නෙ ගොඩක් පරිස්සමින් මේ ව්‍යායාම ක්‍රරම කලින් පුහුනු කරුවකු විසින් කරලා පෙන්නල නැත්තන් කරන්න යන්න එපා කලොත් සුවර් කොන්දෙ අමරුවක් නැත්තන් දුගුකාලීන කොන්ද හා උදරය සම්භන්ද ගැටලු .
    මේ ව්‍යායම පෙල ව්‍රර්තීය ක්‍රීරීඩකයන් ( බොක්සින් , මල්ලව පොර , සටන් ශිල්පීන්/ MMA ) භාවිතා කරන තදින් බඩට සහ කොන්ද ශක්තිමත් කරන ව්‍යායම පෙලක් ............ , මේ ව්‍යායාම කරන්න කලින් හොදින් ශරීරය උණුසුම් ( Warm up ) කිරීම සහ ඇදීම ( Stretch ) කල යුතුයි .

    ReplyDelete
  10. Kiyawoo Watinaama Lipiya :p

    Thanks

    IE walin comments daana bari ay eeye indala

    ReplyDelete
  11. @මාතලන්,පූසා,සාතන්,නදී,Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව, sameera සහ Bindi - මෙම ලිපිය නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන තවත් අවධානය යොමු කරාවි. හැබැයි මටත් සදහන් කරන්න බැරිවුන දෙයක් තිබුනා. හොදවෙලාවට ඒක සමීර සදහන් කරල තිබුනා මොන ව්‍යායාමය කරන්නටත් කලින් ශරී‍රය උණුසුම් කිරීමේ ක්‍රියාවලියක අනුගමනය කල යුතුයි. ඒ වගේම ඇතැම් අයට සමහර ව්‍යායාම තවත් නොයෙකුත් ආබාධ ඇති කරන්නට හේතු වෙන්නත් පුළුවන්.ඒ නිසා පළපුරුදු පුහුණුකරුවෙක්ගේ අධීක්‍ෂනයෙන් පසුව මේවා කිරීම තමයි වඩාත්ම හොද...

    ReplyDelete
  12. @Uditha - ස්තූතියි! ඉදිරියේදිත් ඉඩ ලැබෙන අවස්ථාවල එන්න කියලා ආරාධනා කරනවා...

    ReplyDelete
  13. @මහේෂ් නිශාන්ත- හොද දේ ඇති තැන් තවත් ප්‍රචලිත කිරීම යුතුකමක්...

    ReplyDelete
  14. @Buddhika Sanjeewa - මිත්‍රයා, Google Chrome වලින් Try කරලා බලමුද?

    ReplyDelete
  15. Ow, Chrome, Firefox awulak na. IE thama prashne.
    Eeyeth, adath Chrome thama use kale.

    ReplyDelete
  16. @Buddhika Sanjeewa - OK... singlish වලින් ලිව්වේ, සිංහල යුනිකෝඩ් තවම හුරු නැද්ද.

    ReplyDelete
  17. mama me sathsamudura dekke dawas deka thunakata kalin. me lede matath thiyanawa. nedda me gena liyapu sinhala poth ganna thenak... thiyanawa nam kiyanna. mama me sathsamudura dena gatte Lanka mirror web site eken. kohoma wunath sinhala web site walin ithama honda lipi thiyana web site ekak meka. thawa thawath honda lipi wiwidakara lipi liyanna kiyala suba pathanawa.

    ReplyDelete
  18. @Anon - ස්තුතියි! මෙහෙමයි ඔබ ශාරීරක අභ්‍යාස ගැන දැනුවත් අයෙක් නම් තමන්විසින් මේවා හෝ වෙනයම් පොතක ඇති දේ අත්හදා බැළුවට වරදක් නැති වුනත් ඒ ගැන තිබෙන්නේ අල්ප දැනුමක් නම් මනාව දැනුම ඇති ශාරීරික අභ්‍යාස ගුරුවරයෙකුගෙන් ඒ පිළිබදව කරුණු දැන ගෙන මේවා කිරීම හොදයි...

    ReplyDelete
  19. අප්පා මෙව්වා කරනවට වැඩ බද වැඩිවෙන එක හොඳයි
    කෝරලේ වලව්ව

    ReplyDelete