Monday, September 19, 2011

පරිගණකයේ සැරින් සැරේ එන ලෙඩ රැසකටම සහනය ගෙන දෙන Advanced System Care v4

ඔබත් පරිගණකය භාවිතා කරගෙන යනවිට ඇතැම් අවස්ථාවල පරිගණකය හේතුවක් නැතුවම මන්දගාමීවන අවස්ථා, ක්‍රියාකරමින් තිබූ ඇතැම් පද්දති වැඩසටහන් හිටි හැටියේම අක්‍රීයවීම්, අනවශ්‍ය ගොනු විශාල ලෙස වැඩිවීම් වගේ කාරණාවලට වගේම සමහර වෛරස් නිසා සිදුකරන අක්‍රීයකිරීම් එම වෛරසය ඉවත්කල පසුවත් යථා තත්වයට පත්නොවීම් වලට මුහුණ දීලා ඇති. ඒවගේ වෙලාවට අපි විවිද උපක්‍රම භාවිතා කරමින් එම ගැටළුවෙන් මිදීමට උත්සහ කරන අතර ඇතැමෙක් තම පරිගණක දැනුම අනුව ඒ ඒ දෝශ නිවැරදිව සොයා නිරාකරණය කර ගැනීමත් තවත් සමහරෙක් Utility Tool එකක් භාවිතයෙන් දෝශයට පිළියම් සොයනවාත් විය හැකිය. ඉතින් අද ඔබට දෙන්නට යන්නේත් එවැනි අතුරු දෝශ අවම උපයෝගී මෘදුකාංගයක්. මෙහි නම් තමයි  Advanced System Care v4.

මේ මෘදුකාංගය මගින් Malware Scan, Registry Fix, Shortcut Fix, Privacy Sweep, Junk File Clean වගේ දේවල් Quick ආකාරයට හෝ එය තමන්ට ඇවසි පරිදි විනඥාසගත ‍කොට Deep Care විදියට වුනත් කර ගන්න හැකියි. ඒවගේම පරිගණක දැනුම අවම කෙනෙකුට වූවත් මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කල හැකියි.

තවද තම පරිගණකය වේගවත් කරගැනීම පිණිස අනවශ්‍ය යෙදුම් ක්‍රියාත්මක වීම හෝ භාවිතා නොකරන දෘඩංග තාවකාලිකව අක්‍රීය කරගැනීමේ පහසුකමද මෙහි ඇති Turbo Boost පහසුකම සක්‍රීය කර ගැනීමෙන් ලබා ගත හැකියි.

ඒවගේම මෙහි ඇති Toolbox තුලද පරිගණකයේ ක්‍රියාකාරීත්වය නිවැරදි කර ගැනීම උදෙසා වූ පහසුකම් රැසක් අන්තර්ගතයි.

මෙම මෘදුකාංගය http://www.wupload.com/file/181084826/Advanced_SystemCare_Pro_4.0.0.175.rar සබැදිය ඔස්සේ ලබා ගත හැකි අතර මෙම ගොනුව 31 MB විශාලත්වයකින් යුක්තය.

ඔබත් හැකියාවක් ඇතොත් මෙම මෘදුකාංගය භාවිතා කරන්න. මෙම කාර්යය කරන වෙනත් මෘදුකාංගවලින් අදාල කාර්යය කෙරුනත් ඉන්පසුව වෙනත් ගැටළු ඇතිවී ඇතත් මේ දක්වා මාහට නම් මෙම Advanced System Care මගින එවැනි ගැටළු මතු‍වී නැත.

12 comments:

  1. අපිට වටින දෙයක් ..ස්තුතියි

    ReplyDelete
  2. දීපු link එකේ බැරි උනොත් http://www.iobit.com/advancedsystemcareper.html පුළුවන් download කරගන්න...

    ReplyDelete
  3. @මහේෂ් නිශාන්ත - ස්තුතියි මහේෂ්, ඒ වගේම ඔබ තව සබැදියක් තබපු එක හොදයි. මොකද ටික දවසක් යන කොට එක සබැදියක් නැතිවුනොත් අනිත් එකෙන් හරි ගන්න පුළුවන්...

    ReplyDelete
  4. මම ඉස්සෙල්ල දුන්න link එක දැන් ක්‍රියාත්මක නැහැ. ඒක නිසා මහේෂ් නිශාන්ත ලබාදී ඇති link එක භාවිතා කරන්න. Serial අංකය ලෙස 48F0-48F0-F0FF-0CD7 යොදා ගන්න...

    ReplyDelete
  5. @Bindi - තාක්‍ෂනික ලිපි‍වලට ඉස්සර එතරම් මනාපයක් තිබුනේ නැහැනේද? හැබැයි මේ Tool එක නම් කවදා හරි ප්‍රයෝජනවත් වේවි...

    ReplyDelete
  6. ලිපියේ කියල තියෙන විදිහට නම් වටිනවා වගෙයි. ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  7. ශ්‍රීමාල්September 20, 2011 at 5:06 PM

    බොහොම ස්තුතියි. මමත් දාල බැලුව. ගොඩක් හොඳයි වගේ.මහේෂ් දුන්න ලින්ක් එක වැඩකලා. ස්තුතිය් මහේෂ්.
    කී එක වැඩකරන්නේ නෑ. මට පේන්නේ ෆුල් ක්‍රියාකාරි වෙන්න සල්ලි දීල ගන්න වෙයි වගේ. නොමිලේ ලැබෙන ටිකත් ගොඩක් වටිනවා.

    ReplyDelete
  8. ශ්‍රීමාල්September 20, 2011 at 5:13 PM

    කී එක වෑඩකරනවා. ස්තුතියි.

    ReplyDelete
  9. ගොඩක් හොද එකක්. ස්තුතියි. කිඑක වැඩකරන්නේ නැහැනේ. මම භාගත කලේ Advanced System Care 4 free . කොහොමද කරන්නේ කියලා කියන්න පුලුවන්ද.

    ReplyDelete
  10. @උදාර සහ ශ්‍රීමාල් -ස්තූතියි! මේක අතුරුආබාද අඩු utility software එකක්...

    ReplyDelete
  11. @soori - මටත් මුලින් key එක වැඩකලේ නැහැ. ඉස්සෙල්ලා internet connection එකට on කරගන්න. ඊට පස්සේ key එක දීලා apply කරන්න...

    ReplyDelete
  12. スリランカ
    パソコンつくる
    日日いつか

    ReplyDelete