Friday, April 29, 2011

සුපිරි යුද ශක්තිය උදෙසා දරුණු අත්හදාබැලීම් - Most Outrageous Military Experiments for Super Power

‍අතීතයේ සංග්‍රාම සදහා අද මෙන් අති නවීන තාක්‍ෂනය, සූක්‍ෂම යුද උපකරණ ආදිය නොතිබූ අතර පිරිස් බලය, යුද උපක්‍රම හා භූමියේ වාසිය ප්‍රයෝජනයට ගෙන සිය සතුරා හා යුද වැදුන බව රහසක්‍ නොවේ. එහෙත් මේ දේවල් පමණකින් යුද්ධයක් එදා ජය ගන්නට හැකි විනිද? අප නරඹා ඇති සමහර තාත්විකත්වය එතරම් ඉක්මවා නොගිය ඉතිහාසය අලලා නිමවන ලද සිනමා නිර්මාණ වලදී සාමන්‍ය යුද භටයෙකුට වඩා වෙනස් දක්‍ෂතා හා ශරීර ශක්තිය සාමාන්‍ය අයෙකුට වඩා වැඩි පුද්ගලයන් සිය සතුරා හා බොහෝම බිහිසුනු ලෙස හා සටන් වදින අයුරු ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. එවැනි හොදම සිනමා නිර්මාණයක් තමයි වසර 2006 දී තිරගත වූ 300 චිත්‍රපටය.

එසේම අපගේ රටේ ටික කලකට පෙර තිරගත වූ ටෙලි නාට්‍යයක් වන ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂක ජයන්ත  චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා හෙවත් කාලර්ථයේ තීර්ථ යාත්‍රිකයා ටෙලි නිර්මාණය තුලද අංගම් පොර සටන් ක්‍රමය හා එහි ගැඹුරට හැදීරීම තුලින් සිය කුණ්ඩිලීනී යෝගය ලබා ගැනීම තුලින් අසාමාන්‍ය හැකියාවෙන් යුක්තව සටන් කිරීමේ හැකියාව ලබාගත් සටන්කරුවන් එකල අපේ රටේද සිටි බව කියවුනා. ඊට අමතරව ඉන්දියාවේ බිහිවී ඇති පුරාවෘත්ත වූවත් රාමායණය වැනි දැවැන්ත කතාවස්තුවලදීද මෙවැනි අසාමාන්‍ය හැකියාවෙන් යුක්තවූවන් හමුදාවල සිටි බව කියවුන අතර ජපානයේ නින්ජාවරුන් මෙන්ම චීනයේ කුංෆු සටන් ක්‍රමයේදී අභ්‍යන්තර ව්‍යායාම් වන චීගොන්ග් (Qigong or Chi kung http://en.wikipedia.org/wiki/Qigongවැනි මනා ඉවසීමකින් කල යුතු අභ්‍යාස කිරීම තුලින් ශරීර බාහිර ශක්තිය මෙන්ම අභ්‍යන්තර ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම තුලින් මෙසේ අසාමාන්‍ය හැකියාවකින් යුක්තව යුදට බට මිනිසුන් පිළිබදව සොයාගැනීමට පුළුවන්.

මෙවැනි දේ අපේ කාලයේ තරමක් ඇසීමට දුර්ලභ නිසා මෙන්ම නවීන තාක්‍ෂනයේ පිහිටෙන් අද යුද භූමියට ඇතුල් නොවීම සතුරා සුනුවිසුනු කල හැකි අවි ආයුද තිබෙන නිසා මේ ආශ්‍රීත දේවල් අවධානය යොමු නොවූවත් එවැනි අසාමාන්‍ය අත්හදා බැලීම සිදුකර ඇති බවට පල කෙරුන ලිපි සඟරාවල මෙන්ම අන්තර්ජාලයේද සොයාගැනීමට පුළුවන්. අද පල කරන්නේ එවැනි අන්තර්ජාලයේ දක්නට ලැබුන ලිපියක් වන අතර මෙය පිළිබදව සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් The 10 Most Outrageous Military Experiments නම් ලිපිය ඇසුරෙන් ලබා ගත් කරුණු ඔබ හමුවේ දැක්වීමට අදහස් කරමි.

No. 10 - Seeing Infrared - අධොරක්ත තුලින් දැකීම
දෙවන ලෝක යුද සමයේදී ඇමරිකානු නාවික හමුදාවට සිය නාවිකයන්ට Infrared හෙවත් අධොරක්ත සංඥා එළි ග්‍රහණය කර ගැනීමේ රාත්‍රී දැකීමේ හැකියාව අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් මෙයට ඇති ගැටළුව වන්නේ අධොරක්ත තරංග ආයාමය මිනිස් ඇසට සාමාන්‍ය තත්ව යටතේ සංවේදී නොවීමයි.

කෙසේ නමුත් විද්‍යාඥයන් ඒවන විටත් දැන සිටි කරුණක් වූයේ විටමින් A තුල ඇති විශේෂිත අනුමගින් ඇසේ ආලෝක සංවේදී ප්‍රතිග්‍රාහක වලට උත්තේජනයක් ලබා දීමෙන් ඇසේ සාමාන්‍ය තත්වයට වඩා වැඩි ආලෝක සංවේදීබාවයක් ලබා දීමට හැකියි යන්නයි. මේ සදහා ස්වේඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනෙකුට walleyed pikes නම් මතස්‍යාගේ අක්මාව අමතරව කෑමට ලබා දී තිබුනා. විශ්මිත කරුණ වන්නේ මාස කිහිපයක් ඉක්ම ගිය තැන මෙම පුද්ගලයන්ට අධොරක්ත  තරංග ආයාමය දැක ගත හැකි තත්වයට පත්ව තිබුනා.
Seen through a night-vision device, a U.S. Army soldier re-arms an OH-58 Kiowa Warrior helicopter with a rocket during night aerial gunnery at the Pohakuloa Training Area, Hawaii, Feb. 5, 2009.
එහෙත් යුද සමය තුලදීම සිදුවූ තාක්‍ෂනික අත්හදා බැලීම් තුලින් snooperscope  හෙවත් night vision device (NVD) ලෙස හදුන්වන රාත්‍රීකාලයේත පෙනීම ලබා දෙන උපකරණ සොයා ගැනීමත් සමග මෙම පෙරකී මානව අත්හදා බැලීම් වල සාර්ථකත්වය එතරම් අවශ්‍ය නොවු අතර ඒවා අත්හැර දැමීමද සිදුවුනා. කෙසේ නමුත් ඇමරිකානුවන්ට අමතරව මෙම යුද්ධයට සම්බන්ධවී සිටි අනෙකුත් හමුදාවල නම් මෙම  විටමින් A ප්‍රතිකාරය ලබාදීම තුලින් රාත්‍රී දැකීම ලබා ගැනීම සිදුකල අතර ජපාන ගුවන් භටයන්ට රාත්‍රී කාලයේ යුද මෙහෙයුම් වලදී 100% ක සාර්ථකත්වයක් ලබා ගැනීමට මෙම ක්‍රමය උපකාරීවී ඇති බවද පැවසෙනවා.

(The U.S. Navy wanted to boost sailors' night vision so they could spot infrared signal lights during World War II. However, infrared wavelengths are normally beyond the sensitivity of human eyes. Scientists knew Vitamin-A contained part of a specialized light-sensitive molecule in the eye's receptors and wondered if an alternate form of Vitamin-A could promote different light sensitivity in the eye. They fed volunteers supplements made from the livers of walleyed pikes. Their volunteers' vision began changing over several months to extend into the infrared region.

Such early success went down the drain after other researchers developed an electronic snooperscope to see infrared and the human study was abandoned. Other nations also played with Vitamin-A during World War II. Japan fed its pilots a preparation that boosted Vitamin-A absorption and saw their night vision improve by 100 percent in some cases.)


No. 9 Get Your Plutonium Shot - ඔබ‍ගේ ප්ලූටෝනියම් ප්‍රතිකර්මය
ඇමරිකාවට දෙවන ලෝක යුද්‍ධයේ අවසානභාගයේ පරමාණු බෝම්බය හදන්න බොහොම හදිස්සිවෙලාවේ ඒ කාර්යයේ නියැලුන විද්‍යාඥයන්ට දැන ගැනීමට අවශ්‍ය වුනා ප්ලූටෝනියම් වල අහිතකර ප්‍රතිළුල මොනවද කියල. පරීක්‍ෂන 1945 අගෝස්තු 10 වනදා ආරම්භකරන ලද අතර මුලින්ම ඔවුන් එයට මුල පිරුවේ 
Tenn හි 

Oak Ridge හිදී රිය අනතුරකට ලක්ව සිටියෙකුට ප්ලූටෝනියම් එන්නත් කිරීම තුලිනුයි. එයින් ඔවුන් අත්හදා බැලීමට අදහස් කලේ විකිරණශීලතා ද්‍රව්‍යකට මිනිස් සිරු‍ර හැසිරෙන්නේ කෙසේද යන්න දැන ගැනීමටයි.



මෙය ඉන් පසුව මිනිසුන් යොදාගෙන සිදුකෙරුන පරීක්‍ෂන 400 ක පමණ මූලාරම්භය වූ අතර ඉන් පසුව විකිරණශීල ද්‍රව්‍ය විවිද මාත්‍රාවලින් සිදුකෙරුන අතර පිලිකා රෝගයට යොදාගන්නා ප්‍රතිකාර සදහා අත්හදා බැලීම් ලෙසද මේවා යොදාගන්නා ලදි. මේවා ගැන දැන ගන්නට ලැබුනේ වසර 50කටත් පමණ පසු 1995 දී ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුව මේ ගවේෂනයන් ප්‍රසිද්ධකල පසුවයි
A facility at Hanford for treating persons injured by embedded radioactive particles (circa 1967). In this shielded operating cell, a mock patient is flanked by a surgeon (right) and a radiation monitor.
(As the United States raced to build its first atomic bombs near the end of World War II, scientists wanted to know more about the hazards of Plutonium. Testing began on April 10, 1945 with the injection of Plutonium into the victim of a car accident in Oak Ridge, Tenn. to see how quickly the human body rid itself of the radioactive substance.


That was just the first of over 400 human radiation experiments. Common studies included seeing the biological effects of radiation with various doses and testing experimental treatments for Cancer. Records of this research became public in 1995 after the U.S. Department of Energy published them.)

No. 8 Rocket Rider - මහ පොළම මත රොකට් ධාවනය
මිනිසුන් අභ්‍යවකාශයට හෝ සද වෙත රොකට් යැවීමට පෙර මහ පොළව මත සමාන්තරව රොකට් ධාවනය (rocket sleds on the ground) ප්‍රථමයෙන් සිදුකලේය. NASA විද්‍යාඥයන් මෙබදු පොලව පැයට සැතපුම් 400 ක පමණ වේගයෙන් ‍පොළම මත යන රොකට් මුලින් අත්හදා බැලූ අතර අවාසනාවන්තම කාරණය වන්නේ මේවාට මුලින්ම මිනිසුන් වෙනුවට යොදාගත් අසරණ චිම්පන්සි සතුන් මේම අවස්ථාවල අනතුරට ලක්ව මොලයේ දරුණු අනතුරුසිදුවීමට ලක්වීමයි. 

1954 ආරම්භයත් සමගම ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන John Stapp 35 වතාවක් බොහොම බැරෑරුම් පරික්‍ෂනවලදී ඔරොත්තුදී නොනැසී සිටීමයි. මෙයින් එක් අවස්ථාවක් වූයේ පැයට සැතපුම් 632 ක වේගයෙන් ධාවනයක්ද ඇතුලත්වීමයි.

ගුවන් හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු පවසන අන්දමට මෙම හමුදා නිලධාරියා සිය ජීවිතය 29 වතාවක් පරදුවට තබා මෙම Sled ධාවනය කිරීමයි. මෙම ක්‍රියාකාකම් අතරතුරදී ඔහුගේ මොලය බරපතල ලෙස සෙලවීම, ඉල ඇටවල පිපිරීම්, මැනික්කටුව දෙවරක් බිදීම්වලට ලක්වීම, පුරවන ලද දත්වල පිරවුම් ගැලවී යාම මෙන්ම ඇස්‍ දෙකේම රුධිරවාහිනී පිපිරීයාමද සිදුවිය.
Colonel John Stapp rides a rocket sled at Edwards Air Force Base in California.
Before man could launch into orbit and to the Moon, he rode rocket sleds on the ground first. NASA scientists developed decompression sleds that could race at speeds of more than 400 mph before screeching to an abrupt halt. Early testing often had fatal results for chimpanzee subjects that suffered brain damage. Starting in 1954, Colonel John Stapp of the U.S. Air Force endured grueling tests that subjected his body to forces 35 times that of gravity including one record-setting run of 632 miles-per-hour. As a flight surgeon, he voluntarily took on the risks of 29 sled runs during which he suffered concussions, cracked ribs, a twice-fractured wrist, lost dental fillings, and burst blood vessels in both eyes.


No. 7 - Pacifist Guinea Pigs - පරිත්‍යාගශීලී මානව ගිනි මීයන්

බොහෝ සොල්දාදුවන් මාරන්තික වෛරස් ‍හා බැක්ටීරියා සමග සටන් වැදීමසදහා හමුදාවට බැදෙන්නේ නැත. එහෙත් 2300 ක් වූ පරිත්‍යාගශීලි හමුදා භටයන් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ගිනි පිග් මීයන් සේ එබදු භයානක පරීක්‍ෂන සදහා සීතල යුද සමයේ ඉදිරිපත් වී ඇත. මෙම ජීවවිද්‍යාත්මක විශබීජ එන්නත් කල පසු ඔවුන් ගේ අත්දැකීම් අනුව දින කිහිපයක් උණ තත්වය, ශිතල හා ඇටකටු පවා රි‍දුම් දෙන 
Q fever තත්වයන්ද ඇතිවී ඇත.1954 සිට 1973 දක්වා Maryland හි Fort Detrick හිදී සිදුකරන ලද "Operation Whitecoat"  ලෙස හැදින්වූ මෙම රහසිගත මෙහෙයමේදී කිසිවකුද මිය නොගිය බව සතුටින් කියමි.
Operation Whitecoat took place at Fort Detrick, Maryland where Seventh-Day Adventist draftees volunteered to undergo biological weapons testing with disease-causing agents.
(Most soldiers don't sign up to fight deadly viruses and bacteria, but that's what more than 2,300 young Seventh-Day Adventists did when drafted by the U.S. Army. As conscientious objectors during the Cold War who interpreted the Bible's commandment "Thou shalt not kill" very literally, many volunteered instead to serve as guinea pigs for testing vaccines against biological weapons. Volunteers recalled being miserable for several days with fever, chills and bone-deep aches from diseases such as Q fever. None died during the secretive "Operation Whitecoat," which took place at Fort Detrick, Maryland from 1954 to 1973.)

No. 6 - Falling Near the Speed of Sound - ශබ්දයේ වේගයේදී බිමට වැටීම
ඇමරිකානු ගුවන් හමුදාවට තම ගුවන් නියමුවන් ඉතා ඉහල උසකදී පැනීමකදී එයට මුහුණ දෙන ආකාරය බලා ගැනීමට සිත්විය. මේ සදහා ඔවුන් යොදා ගත්තේ කපිතාන් Joseph Kittinger, Jr වන අතර මෙහිදී උඩු ගුවනේ සිට පැනීම් කිහිපයක් සිදුකල මෙම පරීක්‍ෂනය"Project Excelsior" ලෙස හැදින්වීය. මෙම 1950 දශකයේ මෙම පරීක්‍ෂන බොහෝමයක් සිදුකල අතර මේ සියළු පැනීමකදීම පැරචුටයක ආධාරයෙන් පොලවට නිරුපද්‍රිතව ගොඩබැසීමට හැකිවිය.

මෙම නිර්භීත සොල්දාදුවාගේ තෙවන වරටත් වාර්තා බිද දැමීම වාර්තාවූයේ 1960 අගෝස්තු 16 වන දින වන අතර එදින ඔහු අඩි 102,800 නැතහොත් මහ පොළවේ සිට සැතපුම් 20 ක් පමණ ඉහලදී ගුවන් යානයෙන් බිමට පැන්න අතර පහලට වැටීමේ වේගය පැයට සැතපුම් 614 ක් ලෙස සටහන්වූ අතර එය ශබ්දයේ වේගය වන පැයට සැතපුම් 761 ට තරමක් ආසන්නවූ අවස්ථාවක් ලෙසද සැලකීය. ඊට අමතරව කිව යුත්තේ ඉහල අහසේ සිට වැටීමේදී මුහුනදීමට සිදුවන ෆැරන්හයිට් අංශක 94 වැනි අඩු උශ්නත්වයටද ඔරොත්තුදී සිටීමයි.
The 1960 high-dive of Joseph Kittinger -- part of a U.S. Air Force program designed to test whether pilots could survive high-altitude bailouts.
(When the U.S. Air Force wanted to find out how well pilots could survive high-altitude jumps, they turned to Captain Joseph Kittinger, Jr. The test pilot made several jumps as head of "Project Excelsior" during the 1950s. Each time involved riding high-altitude Excelsior balloons up tens of thousands of feet, before jumping, free falling and parachuting to the desert floor in New Mexico. Kittinger's third record-breaking flight on August 16, 1960 took him up to 102,800 feet, or almost 20 miles. He then leaped and freefell at speeds of up to 614 mph, not far from the speed of sound's 761 mph, and endured temperatures as low as minus 94 degrees Fahrenheit.)

No. 5 - Hallucinogenic Warfare - ප්‍රතිවාදියාගේ මොලේ විකෘති කර යුද වැදීම
මනස විකෘති කරවන මරිජුවානා, LSD හා PCP වැනි මත්ද්‍රව්‍ය වලට දැන් එතරම් වටිනාකමක් නොලැබෙන ඒවා වන අතර යුද ශිල්පය පිළිබද ගවේශකයන් කලෙක මේවා රසායණික අවියක් ලෙස එසේත් නැතහොත් ප්‍රතිවාදී සොල්දාදුවන් මත් කර අඩපණ කල හැකි අවියක් ලෙසද යොදාගැනීමට හැකියයි සිතුවේය. ඇමරිකානු හමුදාවේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ සොල්දාදුවන් පිරිසකට මෙම මත් ද්‍රව්‍ය විවිද ක්‍රම ඔස්සේ ශරීර ගත කරන ලදි. මෙම පර්යේෂනය 1955 සිට 1972 දක්වා සිදුකරන ලද බවද කියවේ.

එසේම මේවා අවි වල යොදා ගන්නා උණ්ඩ වලටද යොදාගැන්මට නැඹුරුවක් තිබූ අතර වරෙක කාලතුවක්කු උණ්ඩ වලටද මේවා යොදාගැනීමට හැකිවන සේ සංවර්ධනය කල අතර ඒ සදහා quinuclidinyl benzilate කුඩක් ලෙස යොදාගන්නා ලදි. මෙයින් බලාපොරොත්තුවූයේ මෙම උණ්ඩ පිපිරුන පසු අදාල භූමියේ සිටින්නන් දින ගණනාවක් නිදි තත්වයට ලක් කිරීමයි. ජාතික විද්‍යා ඇකඩමිය 1981 දි කරන ලද අධ්‍යයනයන්ට අනුව මෙබදු අවි නිසා අහිතකර රෝගී තත්ව ආදියද ඇති නොවන බව කියවින.
According to the 2006 National Survey on Drug Use and Health (NSDUH), about 35 million Americans 12 years and older reported trying hallucinogens at least once during their lifetimes, representing 14 percent of the U.S. population in that age group.
(Psychoactive drugs such as marijuana, LSD, and PCP don't just have street value. Researchers once hoped the drugs could become chemical weapons that disabled enemy soldiers. U.S. Army volunteers took pot, acid, and angel dust at a facility in Edgewood, MD from 1955 to 1972, although those drugs proved too mellow for weapons use. The Army did eventually develop hallucinogenic artillery rounds that could disperse powdered quinuclidinyl benzilate which left many test subjects in a sleep-like condition for days. The National Academy of Sciences conducted a study in 1981 that found no ill effects from the testing. Dr. James Ketchum published the first insider account of the research in his 2007 book Chemical Warfare: Secrets Almost Forgotten.)

No. 4 - Nerve Gas Spray - ස්නායු වලට ගෑස් ප්‍රතිකර්මයක්
රසායණික හා ජීව විද්‍යාත්මක අවි වලින් එල්ල විය හැකි තර්ජනයන්ට මුහුන දීමට අවශ්‍ය සන්නද්ධවීම සදහා "Project 112" නම් ව්‍යාපෘතියක් 1963 සිට 1970 මුල් කාලය දක්වා දියත් කරන ලදි.  මේ සිද්ධිදාමයේදී විවිදාකාරයේ නාවික යාත්‍රා හා සිය ගණනක්වූ නාවික සොල්දාදුවන්, ස්නායු වලට බලපෑම් කල හැකි ගෑස් වන Sarin හා VX ආදියට නිරාවරණය කරන ලදි. මෙයින් අදාල විශ ගෑස් වලින් දූෂිත පරිසරය නැවත යථා තත්වයට පත්කිරීමේ කාර්යක්‍ෂමතාව, ගැල‍ව්මේ ආරක්‍ෂත විධිවිධාන ආදිය ගැන සොයාබැලූ අතර පෙන්ටගනය 2002 දී මේ පිළිබදව හෙලිකරන ලදි.

Shipboard Hazard and Defense (SHAD) ලෙස හැදින්වූ මෙම පසු ව්‍යාපෘතිය හැදින්වූ අතර එයින් පසු කෘතහස්ත අදිකාරියක් විසින් මුලින් දැක්වූ පරීක්‍ෂනවලට ලක්වූ නාවියකයන්ගේ සෞඛයට සිදුවී ඇති බලපෑම් ගැන සොයාබලන ලදි. ‍
මෙය ඇමරිකාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක් යොද සිදුකරන ලද තවත් එක් රසායණික යුද පරික්‍ෂනයක් පමණක් වන අතර දෙවන ලෝක යුද සමයේදීද මස්ටඩ් ගෑස් පිළිබදවද මෙබදු ආකාරයේ පරීක්‍ෂන සිදුකරන ලද බව කියවේ.
Nuclear, biological, and chemical team members from the 1st Civil Support Team of the Massachusetts National Guard survey a former Soviet naval ship for radioactive material during a training exercise March 4, 2009 at the Battle Ship Cove naval ship display in Fall River Mass.

(Threats of chemical and biological warfare led the U.S. Department of Defense to start "Project 112" from 1963 to the early 1970s. Part of the effort involved spraying different ships and hundreds of Navy sailors with nerve agents such as Sarin and VX in order to test the effectiveness of decontamination procedures and safety measures at the time. The Pentagon revealed the details of the Project Shipboard Hazard and Defense (SHAD) project in 2002 and the Veterans Administration began studying possible health effects among sailors who participated in SHAD. This was just one of many chemical warfare experiments conducted by the U.S. military starting with volunteer tests involving mustard gas in World War II.)

No. 3 - Psychic Vision - චෛතසිකව දැකීම
 Psychics හෙවත් මනොමයෙන් නැතහොත් චෛතසිකවපමණක් යමක් විශ්ලේෂනය විද්‍යාඥයන් නම් කැමැත්තක් නොමැතිවනු ඇති අතර පෙන්ටගනය නම් දල වශයෙන්‍ ඩොලර් මිලියන 20 ක් පමණ වැය කර දුර සිට දැකීම හෙවත් remote-viewing හැකියාව ලබා ගැනීම වැනි ප්‍රගුණ කර විශේෂිත බලයක් ලබා ගැනීම හෙවත් testing extrasensory powers (ESP) ලබා ගැනීමේ ව්‍යාපෘතියක් සදහා 1972 සිට 1996 දක්වා වූ මෑත කාලයක් දක්වාම පරීක්‍ෂන සිදුකරගෙන යන ලදි.

මෙම දුර සිට දකින්නන් සිය දෑසින් කිසිදා දැක නොමැති ඈත පිහිටි රටවල්, සතුරු බන්කර් හෝ න්‍යෂ්ඨික බලාගාර යනාදී දේවල් සිය මනෝමයෙන් දැක ගැනීමට උත්සහ කරන ලද බව පැවසේ. කෙසේවෙතත් මිශ්‍ර ප්‍රතිඵල තිබූ කියන බව කියන මෙම වැඩපිළිවෙලෙදී බුද්ධි අංශ සමහර කරුණු වලදී යම් ව්‍යාකූල තත්වයකටද පත්වූ බව කිය‍වේ. "Grill Flame" සහ "Star Gate" ලෙසද හැදින්වූ මෙම ව්‍යාපෘතිය අවසානයේ අත්හැර දමන ලද අතර මේ පිලිබදව 2002 දී CIA සංවිධානය විසින්ම හෙලිදරව් කරන ලදි. (මේ පිළිබද වැඩි විස්තර  http://en.wikipedia.org/wiki/Stargate_Project වෙබ් අඩවියේද අන්තර්ගත අතර පසුව හැකියාවක් ලැබුන හොත් මේ ගැන ඉදිරියේදී ලිපියක කතා කරමු.)

[කො‍‍හොමනමුත් මේ පරීක්‍ෂන හෝ ව්‍යාපෘතිය අත්හැර දමන ලද බව නිල වශයෙන් පැවසුවද, විද්‍යාත්මක කරුණු අඩංගු වෙබ් අඩවියක් වන www.stealthskater.com අනුව නම් තවමත් මෙම හැකියාව සහිත පුද්ගලයන්ගේ සහය රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ඔත්තු සේවා ආයතන ලබා ගන්නා බව කියන අතර බහුලවම එය භාවිතා කරන්නේ අතුරුදන්වූ ලමුන් පිළිබදව පොලීසි වලින් සිදුකරන විමර්ශනවලදී බව කියයි.  දැන් මෙම දුරසිට දකින්නන් පිළිබදව කීර්තිමත් මාධ්‍ය වන Scientific American සහ Nature වැනි journals වලද සදහන්වේ.

මෙම ක්‍රියාවලියේ ඇතිමූලිකම ගැටළුවක් වන්නේ විවිද විවිද ප්‍රතිළුල ලැබීම බව කියවේ. එ එක දුර දකින්නෙක් දකින දේට වඩා වෙනස් දෙයක් වෙනත් දුර දකින්නෙක් සමහර විට දකින බවද  කියවේ.]

(Psychics may not hold much credibility among scientists. But the Pentagon spent roughly $20 million testing extrasensory (ESP) powers such as remote-viewing from 1972 to 1996. Remote-viewers would try to envision geographical locations that they had never seen before (such as nuclear facilities or bunkers in foreign lands). Mixed results led to conflicts within the intelligence agencies even as the project continued under names such as "Grill Flame" and "Star Gate" and led to spooks finally abandoning the effort. The CIA declassified such information in files released in 2002. )
[StealthSkater note: the "efforts" have not been abandoned either by the government or in private PSY companies who typically try to help police find missing children. Remote-Viewing (and Extended Remote-Viewing) have been validated in such mainstream journals as Scientific American and Nature. The problem has always been that different results (i.e., views) are often reported by different RV-ers. Some theorists have claimed that this is because Consciousness is a quantum phenomena. And Quantum Mechanics allows for a large number of possible existences/histories (the one being "viewed" might by one RV-er might not necessarily be the same as for another).]

No. 2 - 24/7 Warrior  - නොනිදන රණශූ‍රයෝ
නින්ද යනු යුදභටයෙකුට ඇති ලොකුම සතුරා ලෙස හැදින්වේ. නිරතුරු අවධානයෙන්, විමසිල්ලෙන් සිටිය යුතු සෙබලෙකුට දහවලේදී සිදුකරන දීර්ඝ මෙහෙයුමක් නිසා හෝ දිර්ඝ කාලීන මෙහෙයුම් නිසා වෙහෙසට පත්වීමෙන් නිතැතින්ම නින්දට ලක්වීම නිසා යුද කාර්යයක්‍ෂමතාව අඩකින්ම අඩුවන බව කියයි.

මේ  තත්වය නිසා සමහර ආරක්‍ෂක අංශ සිය භටයන්ට නින්ද නොයෑම සදහා "go pills" හෝ amphetamines වැනි ඖෂධ ගුවන් යානා නියමුවන්ට ලබාදෙන බවද කියයි.

Modafinil වැනි ඖෂධ නිසා පැය 40 ක් පමණ එක දිගට නින්ද නොමැතිව සිටිය හැකියාව ලැබෙන්නේ අතුරුආබාධ රහිතවම බව කියන අතරම ඇමරිකානු උසස් ආරක්‍ෂක ගවේෂන ආයතනය වන U.S. Defense Advanced Research Projects Agency (DARPA) බොහෝ වියදම් කරන්නේ මොලයට විද්‍යුත් චුම්භකත්ව ප්‍රතිකර්ම ලබා දීම තුලින් මෙම නින්ද නොයන තත්වය උදාකර ගැනීමට වන අතර ඒ සදහා transcranial magnetic stimulation වැනි ප්‍රතිකර්ම යොදාගන්න බවද වැඩි දුරටත් කියයි.

(Sleep can be a warrior's worst enemy whether during day-long battles or long-duration missions flown from halfway around the World. But various military branches have tried to change that over the years by distributing "go pills" or stimulants such as amphetamines.

More recently, the military has tested and deployed the drug modafinil (more commonly known under brands such as Provigil) which has supposedly enabled soldiers to stay awake for 40 hours straight without ill effect. And the U.S. Defense Advanced Research Projects Agency (DARPA) is funding even more unusual anti-sleep research such as transcranial magnetic stimulation that zaps the brain with electromagnetism.)

No. 1 - Build Your Inner Armor - ඇඟ ඇතුලේම අවි ආයුද තියා ගනිමු
බිලාලයෙකුගේ හදිසි අවස්ථාවකදී අත් පා වලින් විහිදෙන උල් නියපොතු ආදිය මිනිසුන්ටත් තිබුනේ නම් කෙසේවෙයිද? X-Men චිත්‍රපටියේ Wolverine ට නම් මේ හැකියාව තිබූ බව ඔබ දැක ඇති. 


එසේම අඩි 34,000 ක් පමණ ඉහල අහසේ පියාසර කල හැකි bar-headed Goose කුරුල්ලෙකුගේ වැනි හැකියාවක් තිබුනේ නම් ජෙට් යානයකට වුවත් අභියෝග කිරීමට තිබූ බව විද්‍යාඥයන් සිතයි. 

ඊට අමතරව Stellar sea lion )සතුන්ට ගැඹුරු සාගර ජලයේ කිමිදීමේදී සිය ඔක්සිජන් රැක ගැනීම සදහා ස්වභායධර්මය විසින්ම ලබා දී ඇති වැදගත් නොවන ශරීර අවයව වලින් බැහැරට නැවතත් පිරිසිදු රුධිරය ගලායාමේ හැකියාවද අතිශයින්ම සිත් ගන්නා සුළු හැකියාවක්. 

කෙසේවෙතත් ඇමරිකානු ආරක්‍ෂක අත්හදාබැලීම් සිදුකරන ආයතනයන්හි තව සොල්දාදුවන් මාරන්තික අවිසහිත මෙන්ම රෝගාබාදවලට ඔරොත්තුදෙන, රසායණික හෝ ජීව විද්‍යාත්මක මෙන්ම විකිරණශීල ප්‍රහාරයන්ට හා අධික උශ්නත්ව, කටුක ස්වාභාවික තත්වයන් සමග හරි හරියට ඔට්ටුවිය හැකි සුපිරි සොල්දාදුවන් බිහිකිරීමට හැකි අවකාශ හොර රහසේම සොයා බලමින් සිටින බව නම් රහසක් නොවේ.

(Perhaps super soldiers may not be far off after all if efforts such as DARPA's "Inner Armor" project find success. Consider efforts to give humans the extreme abilities of some animals such as the high-altitude conditioning of the bar-headed Goose that has been known to crash into jet aircraft at more than 34,000 feet. Scientists are also eying the Stellar sea lion which redirects blood flow away from non-critical organs during deep sea dives and reduces oxygen demand. "I do not accept that our soldiers cannot physically outperform the enemy on his home turf," said Dr. Michael Callahan who heads the project at DARPA's Defense Sciences Office during a 2007 presentation. The goal is to make soldiers "kill-proof" against all sorts of conditions including infectious diseases, chemical, biological and radioactive weapons, temperature and altitude extremes, and harsh natural environments.)



26 comments:

  1. නියම ලිපියක් මචන් . මේ වගේ විස්තරාත්මක ලිපි කියවනකොට කලු පසුබිම ටිකක් ඇහැට අමාරුයි වගේ

    ReplyDelete
  2. සුපිරිම ලිපියක්!!! නියමයි!!!

    ReplyDelete
  3. කවදත් වගේ. නියමයි

    ReplyDelete
  4. @buwa - ස්තූතියි! ඒවගේම කණගාටුව පල කරනවා කියවීමේදී සිදුවූ අපහසුතාවයටත්. මම හැකිඉක්මනින්ම පසුබිම වෙනස් කරන්නම්...

    ReplyDelete
  5. @..ChAnDiKa.. & රොබින් - ස්තූතියි! තව හොද මාතෘකාගැන ඉදිරියේදිත් බලමු...

    ReplyDelete
  6. වෙනද වගේම වටිනා වැදගත් ලිපියක්. ඒත් රොකට් වලට අදාළ අට වැනි කරුණ ටිකක් පැහැදිලි මදි වගෙයි. එහි අංකයක් ද නොමැත. පුලුවන් නම් හදන්න.

    ReplyDelete
  7. නියමයි අයියා.. මැක්සා... මාරම වටිනවා මේ තොරතුරු...

    ReplyDelete
  8. @උදාර - ස්තූතියි! ඔබ එය දැන්වූ එක හොදයි. ඒ‍කො‍ටසේ අකුරුත් පසුබිමේ පාටින්ම ‍තිබීම නිසයි ඒ කොටස නොපෙනී තිබී ඇත්තේ දැන් ඒ වරද නිවැරදි කරා...

    ReplyDelete
  9. @prasanna86k - ස්තූතියි! අපි ඉදිරියේදිත් මේ වගේ දේවල් ගැන කතා කරමු...

    ReplyDelete
  10. කමිමැලි කමක් නැතිව දිගටම කියවන්න පුලුවන් ලිපියක්.ඉදිරියෙදිත් දිගටම රැදි ඉන්නවා.comment කරන්න බැරි වුනත් අනිවාර්යෙන්ම ලිපි ටික බලනවා.

    ReplyDelete
  11. @බංඩාර- ස්තූතියි! ඔබ හැකි සෑම අවස්ථාවකම සත් සමුදුරට පැමිනෙන මිතුරෙක් බව පැහැදිලියි...

    ReplyDelete
  12. නොදන්නා දේවල් දැන ගත්තා........ එල පෝස්ට් එකක්.......

    ReplyDelete
  13. @කල්හාර දිසානායක - ස්තූතියි!!!

    ReplyDelete
  14. මම හරිම කැමැත්තෙන් කියවපු ලිපියක් දිගටම මේවගේ සිත් ඇදගන්නා කරුනු සහිත ලිපි කියවන්න මමනම් හරිම කැමතියි.මම ආයෙත් කියනවා මේක නියමම ලිපියක් !

    ReplyDelete
  15. @හිස් අහස - ස්තූතියි! අපි ඉදිරියේදිත් මේ වගේ වෙනස් මාතෘකා ගැන කතා කරමු...

    ReplyDelete
  16. niyamai.macho viyatnam war eka ganath post ekaka danna pluwan nam

    ReplyDelete
  17. @මෝල්ඩර් ෆයිල්ස් - Thanks! I will write the article for the Vietnam War very soon...

    ReplyDelete
  18. ඈමරිකාව සීතල යුද්දෙ දිනගත්තෙ මෙහෙමයි ඵහෙනම්.

    ReplyDelete
  19. කුතුහලය ඩනවන ලිපියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  20. @ස්තූතියි! ඉදිරියෙදිත් සත් සමුදරට එන්න...

    ReplyDelete
  21. As usual 100% super!, keep it up. more and more pls.

    ReplyDelete
  22. 2011/10/29..අද තමයි මම මෙම ලිපිපෙල බලන්න ගත්තේ ඉතාමත් අනර්ග ලිපි පෙලක් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි,,,,,, සරත් ජේ.බී. රියද් නගරය

    ReplyDelete
  23. thank's යුධ ඉතිහාසය පිලිබද වැදගත් විස්තර පළකලාට..........










    ReplyDelete
  24. බලනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්න ලෙස පෙනී සිටි ඇමෙරිකන් පාලන තන්ත්‍රය කොච්චර අපරාද වැඩ කරලා තියෙනවද? සෝවියට් දේශය බිද වැටුන පසු එහි පාලකයන් කල අපරාද 90 දශකයේ එළිදරව් උනා. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කියාසිටිය සෝවියට් පාලනය තම විද්‍යා පර්යේෂණ වල සත්‍ය වාර්තා එලි කරන්නේ නැහැ කියල. සෝවියට් පාලනය යටතේ ගදක් වැරදි උනා බව ඇත්ත. එත් බලනකොට ඇමෙරිකාව ඊට එහා ගිහින් තියෙනවනේ.
    රිය අනතුරකින් තුවාල ලැබූ අයෙක්ට ප්ලූටෝනියම් එන්නත් කිරීම කොච්චර තිරිසන් වැඩක්ද? අනිත් එක අත්හදා බැලීම සදහා පිලික රෝගීන්ට රහසේ පර්යේෂණ මට්ටමේ ප්‍රතිකාර දීම. තම හමුදාවේම සොල්දාදුවන් මෙලෙස පර්යේෂණ වලට යොදා ගැනීම ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් උනත් අනුමත කල නොහැකිය. මෙච්චර වසන් කරන අයට පර්යේෂණවලට ඉදිරිපත් වූ සොල්දාදුවන්ට සත්‍ය තත්වය/අවදානම හරියට පැහැදිලි කරලාද එකග කර ගත්තේ කියලත් සැකයක් මතුවෙනවා. මේවා අමු අමුවේ මානව හිමිකම්
    උල්ලංගනය කිරීමක්. බලනකොට මුන්ද කොහෙද ලෝකේ බලවත්ම වගේම තිරිසන්ම පාලන තන්ත්‍රය. දැන් නම් ආර්ථිකවත් වැටිලා ලෝකේ ලොකුම නය කාරයත් වෙලා ඉන්නේ. එත් ලෝකේ බලවත්ම මිලිටරිය තියෙන නිසා දැන් එක පාවිච්චි කරලා ගොඩ යන්න හදන්නේ.

    ReplyDelete
  25. පැහැදිලිවම සුපිරි ලිපියක්

    ReplyDelete