Friday, March 4, 2011

"Float like a Butterfly, Sting like a Bee" - 1st Round

ඔහු ඇමරිකානුවෙක්. ඒවගේම සුප්‍රකට බොක්සිං ක්‍රිඩකයෙක් ඒවගේම ඔහුව හදුන්වන්නේ ඉතිහාසය තුල හමුවන ශ්‍රේෂ්ඨතම සටන්කරුවෙක්ලෙසයි. මෙම දක්ෂ ක්‍රිඩකයාගේ සටන් විලාශය තුල අලංකාරවත් පාද හැසිරවීමක් සහ බලසම්පන්න ප්‍රහාර කැපී පෙනුනි. ඔහුගේ නිපුනත්වය ගැන ඔහුම කීවේ “සමනලයෙකු සේ පියඹා ඇවිත් මී මැස්සෙකු සේ දෂ්ඨ කරනවා” (float like a butterfly, sting like a bee”)ලෙසයි. 1978 දී ප්‍රථම වරට ලෝක හෙවිවේට් ශූරතා තුනක් දිනා සිටි මේ දක්ෂයා කව්ද? ඔහු නමින් Cassius Marcellus Clay, Jr. හෙවත් මොහොමඩ් අලියි.

“THE GREATEST”
මොහොමඩ් අලි උපත ලැබුවේ 1942 දී ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ Louisville කියන නගරයේය. ඔහුගේ මුල් නම Cassius Marcellus Clay, Jr. වන අතර ඔහු උපතින් කිතුනුවෙක්. 
මෙහි රවුමෙන් දක්වා ඇත්තේ Cassius Marcellus Clay හෙවත් මොහොමඩ්  අලියි
බොක්සිං ක්‍රිඩාවට අත්පොත් තබන විට වයස අවුරුදු 12 ක්වන Clay ඒ සදහා යොමුකර ඇත්තේ පොලිස් නිලධාරියෙක්. ඒ Clay ගේ බයිසිකලය යමෙකු සොරකම් කල නිසා ඉහත කී පොලිස් නිලධාරියා ඔබ බොක්සිං ඉගනගතයුතුයයි පවසා ඇත.

  
වයස 18 සපිරෙන විට Cassius ජයග්‍රහණ 108 ක් ලබාගන්නා විට පරාජය වී ඇත්තේ 8 වරක් පමණි. මේවා අතර Kentucky Golden Gloves titles ජයග්‍රහණ 6 ක්, 1959 දී International Golden Gloves heavyweight title ශූරතාවය සහ 1960 දී ඉතාලියේ රෝමයේ පැවති ඔලිම්පික් තරගයේ light heavyweight ඉසව්ව සදහා ලබා ගත් රන් පදක්කමද ඇතුලත්වය.

මෙම ඔලිම්පික් තරගයට පසුව Clay යොමුව ඇත්තේ වෘත්තීය බොක්සිං ක්‍රිඩාව දෙසටයි. ඔහුගේ පලමු වෘත්තීය බොක්සිං තරගය 1960 ඔක්තෝබර් 29 දින Tunney Hunsaker සමග පවත්වා ඇති අතර පළමු තර‍ගයෙන්ම ජයග්‍රහණයේ ජය පැන් බීමට Clay ට හැකිවී ඇත. මේ සමග එකදිගටම වසර කිහිපයක් බොක්සිං වල්ලලේ ජයකෙහෙලි නැංවීමට හැකිවී ඇති අතර, ඔහු වෙනුවෙන් "Louisville Lip” සහ “Mighty Mouth" ලෙස අන්වර්ථනාම කිහිපයක්ද යෙදි ඇත.

1964 වන විට Cassius වෘත්තීමය තරඟ 19 ක් දිනා තිබූ අතර ඒ නිසාම හෙවිවේට් ශූර Sonny Liston හට අභියෝග කිරී‍මේ අවස්ථාව ලැබුනි. මේවන විට අවුරුදු 22 ක් වූ ඔහු Sonny Liston තරඟයේ 8 වන වටයේදී knock out වෙන්නටම පහර පිට පහර දුන්නේය. හත්වන වටයේ සිටම Sonny  බොක්සිං වලල්ල මැදට ඒමට Clay අවකාශයක් නොදුන් අතරම ඔහුගේ පාද සරඔය හා බලවත් මුශ්ටි ප්‍රහාර ප්‍රතිවාදියා වෙසහසට පත්කරන්නක් විය. මේ ජයග්‍රහණයත් සමගම ලෝකයේ නව හෙවිවේට් ශූරයා බවට Cassius Marcellus Clay පත්වූ අතර එතැන්සිට ඔහු “The Greatest” ලෙසද හැදින්විය.

1964 දී Cassius Clay ඉස්ලාම් ආගම වැලද ගෙන මුස්ලිම් ජාතිකයෙක් බවට පත්වූ අතර එතැන් සිට ඔහුගේ නම මොහොහඩ් අලි (Muhammad Aliබවට පරිවර්ථනය විය. 1965 දී නැවතත් Sonny Liston සමග තවත් තරගයක් පැවැත්වුන අතර එහිදීද පෙරටත් වඩා පහසුවෙන් තරග කල අලි මිනිත්තු 2 යි තප්පර 12 කදී ප්‍රතිවාදියා පරාජය කොට ගම කිරුල රැක ගැනීමට සමත්විය. එහිදී පළමු වටයේදීම අලි එල්ල කල “phantom punch” ලෙස හැදින්වූ මුෂ්ටි පහර එම පහර වැදුන Sonny Liston හැර දැක තිබුනේ නරඔන්නන් සුළු පිරිසක් පමනයි. 
ඊට මාස 6 කට පසු කලින් හෙවිවේට් ශුරයෙකු වූ Floyd Patterson ට එරෙහිවද අලි තරග වැදුන අතර එහිදීද තම කිරල රැක ගැනීමට අලිට හැකිවිය. එසේම 1967 වන විට පස්වරක ‍ලෝක හෙවිවේට් කිරුල රැක ගැනීමට අලිට හැකිවූ බව පැවසිය යුතුය.

THE CONTROVERSIAL CONTENDER
ඒ 1967 මැද භාගය වන විට වියට්නාම් යුද්දය සදහා සොල්දාදුවන් බදවා ගනිමින් තිබුනි. නමුත් අලි හමදාවට බැදීම ප්‍රතික්‍ෂේප ක‍ලේය. ඔහු යුද විරෝධියෙක් වූ අතරම වර්ණභේද වාදය උග්‍රව පැවති ඒ අවධියේ ඔහු ඇමරිකානු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද කතා කිරීමට අමතක නොකලේය. මෙයට පාඩමක් ඉගැන්වීමට මෙන් අලිට ඇමරිකාව තුල බොක්සිං වලල්ලට  පිවිසීමටද බාදා එල්ල කල අතර ඒ සදහා ඔහුට නීතියේ සරණ පැතීමටද සිදුවිය.

The Fight of the Century
1970 අග භාගයේදී නැවත බොක්සිං වලල්ලට  පිවිසීමට හැකියාව ලැබුන අතර, අලි ක්‍රීඩාවේ නොමැතිවීමේ වාසියද ලබා ගනිමින් ලෝක හෙවිවේට් කිරුල ඒ වන විට Joe Frazier ලබා ගෙන තිබුනි. තීරණාත්මක 1971 වසර එලඹුනි. ඒ අපරාජිත ශුරයන් දෙදෙනෙකුගේ සටන දැක ගැනීමට ලෝ වැසි ජනතාවට භාග්‍ය උදාවුනි. මොවුන් දෙදෙනාම අපරාජිත තරග වාර්තා දරන්නන් වූ නිසාම එම තරඟය හැදින්වූයේ “The Fight of the Century” ලෙසයි. එහෙත් එවර වාසනාව ලැබුනේ Frazier ටයි. ඔහු අතින් අලි පරාජයට පත්විය.
CHAMPION AGAIN
වසර 1974 යි. නැවතත් මෙම ශුරයන් දෙදෙනා අතර තරඟයක් නිව්යෝර්ක් හි Madison Square Garden දී පැවැත්වීමට කටයුතු යෙදින. ඒ වන විට Joe Frazier ගේ ජයග්‍රාහන වාසනාව යම් තාක් දුරකට ගිලිහී ගොස් තිබූ අතර ඔහු 1973 දී George Foreman පරාජය වී තිබූ නිසා ඒ වන විට ලෝක හෙවිවේට් කිරුල ඔහුගෙන්ද ගිලිහී ගොස් තිබින. මේනිසා මොහොමඩ් අලීට මෙන්ම Joe Frazier හටද මෙම තරඟය තීරණාත්මක විය. වට 12 ක් මෙම සටන්කාමීන් දෙදෙනා තරඟවැදුන අතර මෙවර ජයග්‍රාහකයාවූයේ මොහොමඩ් අලියි. ඒ සමගම ලෝක හෙවිවේට් කිරුල සදහා George Foreman සමග තරඟවැදීමේ භාග්‍ය අලීට උදාවිය.
Next in 2nd Round...

7 comments:

  1. හොදම හරියෙන් කතාව නවත්තන්නේ ඇයි...?
    හොදට ලියලා තියනවා.... දිගටම ලියන්න

    ReplyDelete
  2. good post and an interesting story put the second part also....thanks

    ReplyDelete
  3. @MaRLan & other Friend - මෙතනින් නවත්වන්නේ නැතුව මුළු ලිපියම එකම Post එකට දාන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් Internet Connection එකේ ඇතිවුන තාක්‍ෂනික දෝශයක් නිසා Post එක save කර ගන්න පවා බැරි තත්වයක් ආවා. ඒ දෝශය නිරාකරණයවූ වහාම දෙවන කොටස පල කරන්නෙමි.

    ReplyDelete
  4. එල අයියා අනිකත් කියවමිනි

    ReplyDelete
  5. මොහොමඩ් අලීගේ ජීවිත කථාව මම කියවල තියෙනවා. මගේ අලී ගැන තිබුණු උනන්දුව වැඩි වෙන්න ඒක හේතුවක් වුණා. අලී ගැන මගේ තියෙන මේ උනන්දුව හින්දම මේ ලිපියත් මට හුගක් වටිනවා. හැමෝම වැඩිය නොදන්න මේ වගේ මාතෘකාවන් ගැන තවත් වැඩි වැඩියෙන් ලියන්න. මගේ ඉල්ලීම ඒකයි. ජයවේවා.

    ReplyDelete
  6. @උදාර - ස්තූතියි! ඔබගේ ඉල්ලීම අනිවාර්්‍යයෙන්ම ඉටු කරනවා. ඉදිරියේදිත් වැඩි දෙනෙත් නොදන්න කාරනා රැසක් සත් සමුදුරේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  7. නියම ලිපියක්

    ReplyDelete