Friday, March 11, 2011

බ්ලොග් එක ඇතුලට ‍Document එකක් ඔබ්බමු...

මෙන්න අද දවසේ සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන වෙනුවෙන් පල කෙරෙන දෙවන බ්ලොග් සටහන.

බ්ලොග් එකකට සාමාන්‍යයෙන් පින්තූරයක් හා වීඩියෝ ක්ල්ප් එකක් දාන්න පුළුවන් පහසුකම තිබුනට වෙනමම සකසපු Word document එකක්, TXT documents, හෝ PDF එකක් කෙලින්ම දාගන්න හැකියාවක් නැහැනේ. ඒකට අපි මුලින්ම කරන්න වෙන්නේ අවශ්‍ය ලිපි ගොනුව අන්තර්ජාලයට Upload කර ගන්න එක. මෙය සදහා පහසුකම් සපයන ප්‍රසිද්ධම අඩවි දෙකක් තමයි Scribd හා docstoc කියන වෙබ් අඩවි දෙක. හැබැයි මේ අඩවි දෙකට වඩා පහසුයි කියල හිතෙන වෙබ් අඩවියක් තියෙනවා. ඒක තමයි embedit.


මේ කියපු embedit අඩවියට ගිහිල්ල මුලින්ම login Account  එකක් හදාගෙන අපිට අවශ්‍ය ලිපි ගොනුව upload කර ගන්න.

ඊට පස්සේ මෙම රූපයේත් දැක්වෙන my embeds කියන තැනට ගියාම අපි upload කරපු ලිපිය එතන තියෙනවා.ඒක තේරුවහම ඊලගට ඒකේ තියෙනවා පොඩි පොඩි adjustments කිහිපයක් අවශ්‍ය නම් කරන්න. ඒවා කරගත්තට පස්සේ Embed Code එක අරගෙන ඒක අපේ බ්ලොග් එකේ අවශ්‍ය පෝස්ට් එකේ Edit HTML mode එකේ අවශ්‍ය තැනට paste කර ගන්න එක තමයි තියෙන්නේ. අර මුලින් කියපු තැන කරපු Adjustment වලට අනුව Embed විදියට දැම්මොත් document එක post එකේ appear වෙනවා swf විදියට. එහෙමත් නැත්නම් Thumb නැත්නම් Document එකේ link එක විතරක්වුනත් දෙන්න පුළුවන් ඔබගේ මනාපය පරිදි.  මම ක්‍රම තුනටම අදාල වෙන විදියට, embedit එකට upload  පොඩි ලිපිගොනුවක් පහලින් දාලා දැන් පෙන්නනවා.







ඔන්න ඔය විදියට තමයි ලිපි ගොනුව අපේ බ්ලොග් එක ඇතුලේ පේන්නේ.

මීට කලින් අද දවසේ දමාපු බ්ලොග් සටහන - "බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්..."

2 comments:

  1. 50 වන බ්ලොග් සටහන වෙනුවෙන් සුබ පැතුම් !

    ReplyDelete
  2. @ලහිරු- ස්තුතියි! නැවත එන්න..

    ReplyDelete