Tuesday, February 15, 2011

Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy a.k.a. .ගුලාග් (GULag) - දෙවන හෙලිදරව්ව

1953 මාර්තු 5 වන දින, එකල මිහිපිට තිබූ අති දැවැන්තම රාජ්‍ය වූ සමූහාණ්ඩු පහලොවකින් සමන්විත සෝවියට් දේශයේද, දෙවන ලෝක යුද්දය නිමාවීමෙන් පසු නිර්මාණය වෙමින් පැවති නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රටවල උත්තරීතර නායකයා වූ ජෝසෆ් ස්ටාලින් මහතා  මියගියා. 
"Joseph Stalin in Coffin" by A. N. Yar-Kravchenko
ඒ සමගම ඒ තුල ජීවත්ව සිටි මිනිසුන්ට සහ ඒ තුලට යාමට ඉඩ  තිබූ මිනිසුන් අතිවිශාල සංඛ්‍යාවකට සැනසුම් සුසුම් හෙලන්නට හැකිවුනා. මන්ද යත්, මෙම කදවුරුවල සිටි මිනිසුන් නිදහස් කරන්නත්, ඔවුන් මත යොදවා තිබූ කෘරත්වය ලිහිල් වෙන්නත් පටන්ගත්තා. එහෙත් සුළු වශයෙන්ද ක්‍රියාත්මකවෙමින් පැවති කදවුරු සහ කම්කරු කොලනි සංකීර්ණ 1960 ජනවාරි 13 වන දින නිල වශයෙන් වසා දැමුනා. ඒ වන විට සෝවියට් දේශයේ පාලකයාව සිටියේ Nikita Kruschev මහතායි.
Most historians believe that repressions began in 1932 and peaked in 1937. Incoming traffic only slowed down in those camps with the beginning of Great Patriotic War in 1941. Why? Gulag convicts could instead choose to join army penal battalions and risk death under bullets. In 1945 WW-II ended and millions of such convicts returned to the camps. The repressions actually lasted until Stalin's
death in 1953.
නිකිතා කෘෂේව් - (පාලන කාලය 1953 -1964) -
ඇත්තෙන්ම ගුලාග් යනු ඉතාමත් ලාභයට කම්කරු ශ්‍රමය සූරා ගන්නට හැකි පහසුම ක්‍රමයක් වුනා. ඒ නිසාම සෝවියට් ආර්ථික වර්ධනයටද මේවායේ සිරකරුවන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් දායකත්වය කිසිදා සුළුකොට තකන්නට බැහැ. ඒ අතරින් White Sea-Baltic Canal or the Baikal Amur Mainline, Moscow Metro සහ Moscow State University new campus මෙන්ම  Moscow-Volga Canal, the Baikal-Amur main railroad line යනාදිය තැනුවේ මොවුන්ගෙන් බලයෙන් ලබාගනු  ලැබූ ශ්‍රමයෙන්. එසේම කවදාවත් නිමාකිරීමට නොහැකිවූ Abkhazia ප්‍රදේශයේ, උතුරු සයිබීරියාව දෙසට, ස්ටාලින්ගේ නියමයෙන් තනාගෙන යනු ලැබ,  ඔහුගේ මරණයෙන් පසු අත්හරිනු ලැබූ දුම්රිය මාර්ගයද මෙම අවාසනාවන්ත කම්කරුවන්ගේ මහන්සියෙන් තනනු ලැබූ තවත් ඉදිකිරීමක්.



එසේම 1920 අගභාගය වන විට ස්ටාලින් හට, මීට කලින්ද සදහන් කල සුදු මුහුද හා බෝල්ටික් මුහුද යන මුහුදු කලාප දෙක යාකොට ඇල මාර්ගයක් තැනීමට අවශ්‍යවුනා. එය සෝවියට් දේශයේ සංවර්ධනයේදී නැව් ගමනාගමනයට ඉතා වැදගත් වන බව ඔහු කල්පනා කරා. ඒ අනුව 1931 දී ලක්‍ෂයකට අධික කම්කරුවන් පිරිසක් ගල් ඉනි, ශවල් සහ විල්බැරෝ සහ තවත් උපකරණ රැගෙන, කිලෝ මීටර් 227 ක් දුර වන ඇල මාර්ගය තැනීම පටන් ගත්තා. මාස 20 ක් ඉක්බිතිව එනම් 1933 වන විට මෙම කටයුත්ත අවසන් වන විට දස දහස් ගණන් වැඩ කල මිනිසුන් මෙලොවින් සමුගෙන අවසන්. කෙසේනමුත් අවසානයේ ස්ටාලින් Anokhin නම් දුම්නැවේ නැගී නිරීක්‍ෂන චාරිකාවක යෙදී තිබෙනවා. එහෙත් මෙම ඇල පටු සහ නොගැඹුරු බව පවසා ඔහු නොසතුට පල කර තිබෙනවා. ඒ අනුව 1936 දී නැවත ඇ‍ලේ පළල සහ ගැඹුර වැඩි කිරීමට වැඩ අරඹා ඇති අතර එම කටයුත්තේදීද මුල් ඇල මාර්ග කැනීමේදී මියගිය සංඛ්‍යාව වාගේම මිනිසුන් සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

තව දෙයක් ගුලාග් ගැන කිව යුතුයි. මේවා ශ්‍රම කදවුරු පමණක්ම නොවීමයි. මෙම ලිපියේ මුලින්ම සදහන් කල Solovetsk නම් කදවුර ගැන සමහර විට ඔබට මතක ඇති. මෙම කදවුර තමයි ගුලාග් කදවුරු සමූහ‍යේ මුල්ම කදවුර. එසේ නැතහොත් ගුලාග් කදවුරු වල මාතෘ කදවුර කියාද මෙය හදුන්වනවා. මෙය මුලින්ම තනා ඇත්තේ සුදු මුහුදේ දූපතක වෙන වෙනම පැවති තාපසාරාම තුනක් ලෙසයි. මෙම පූජනීය ස්ථානය කදවුරක් වූ පසුත් මුලින් සාමාන්‍ය තත්වයේ පැවතුනද පසුව මෙය මිනිසුන් යොදාගෙන පරීක්‍ෂන පවත්වන මිනිස් විද්‍යාගාරයක් බවට පත්වී තිබෙනවා. සතුන් යොදා ගෙන කරන පරීක්‍ෂන වලට මිනිසුන් යොදාගෙන, ඒවා මිනිසුන්ට බලපාන්නේ කෙසේද යන්න ඉතාමත් කුරිරු ලෙස අත්හදා බලා තිබෙනවා. කෙසේ වෙතත් අපහැදිලි මූලාශ්‍ර වල සදහන් අයුරින් 1923 -1939 කාලය තුලදී අවම වශයෙන් මිනිසුන් ලක්‍ෂ පහක්වත් මේ ක්‍රියාදමය තුලදී මෙම කදවුර තුල මිය යන්නට ඇතැයි අනුමාන කරනවා. 
කෙසේවෙතත් 1936 දී මෙය දේශපාලන හිරකරුවන් සිරගත කිරීමට යොදාගැනීමට පියවර ගත්තද එය සාර්ථක වී නැහැ. ඒ අනුව 1939 දී කදවුර වසා දැමුන අතර පසුව මෙය නාවික හමුදා කදවුරක් බවට පරිවරථනය කෙරුනි.  අද වන විට මෙය මිනසුන් දහසක් පමණ වෙසෙන කුඩා ජනාවාසයක් බවට පත්වී ඇති අතර ඔවුන් පය ගසා සිටින භූමිය මිනිසුන් මිලියන කිහිපයක රුධිරය උරා ගත් බිමක් වේ. මේ එම භූමිය ගැන කෙටියෙන් පැවසිය හැකි ආකාරයයි.
"It was a place with no connection to the rest of the world for half a year. A scream from here would never be heard."

මීට අමතරව මේවා වහල් කදවුරු තත්වයෙන් ඉවත් වූවද 1960 න් පසුවද මේවා දේශපාලන සිරකරුවන්ට නවාතැන වී තිබේ. කෙසේ වෙතත් 90 දශකයේ මුල සෝවියට් දේශයේ බිද වැටෙන සමය වන Gorbachev ගේ කාල සීමාවේදී අඩු සංඛ්‍යාවක් දේශපාලන සිරකරුවන් මේවායේ සිටි අතර අද වන විට මේවා බොහෝමයක් මිනිසුන් යහමගට ගන්නා සාමාන්‍ය සිපිරි ගෙවල් බවට පත් කර ඇත.
Camps were located in Taiga, a huge forest in Russian Siberia. Now, all roads are overgrown and only a helicopter can reach those sites.
Camps have been abandoned since summer 1953, when Stalin died. A general amnesty was announced and everyone, inmates and guards alike, quickly fled the area.
සෝවියට් අවසාන ජනාධිපතිවරයාව සිටි  Mikhail Gorbachev කාල සමයේදී මෙම ගුලාග් කදවුරු කිහිපයකට ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට පිවිසීමේ අවස්ථාවද ලබා දුන්නා.
Mikhail Gorbachev - (පාලන කාලය 1985 - 1991)
නිහඩ සාක්‍ෂි
එහෙත් මෙම කදවුරු වලින් අදටත් කිසිදු වෙනස් කමක් නොකොට එලෙසින් පවත්වා ගෙන යන කදවුරක් ඇත. PERM 36 කදවුරයි. 
ඔබ බිය විය යුතු නැත. මෙය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරන ලද්දකි. එනිසා එය තව දුරටත් මිනිසුන් භීතියට පත්කරන තැනක් නොව කෞතාකාගාරයක් ලෙස පවත්වා ගෙන යන ස්ථානයකි. 
එහෙත් එහි ප්‍රදර්ශනයට තබා ඇති මීට දශක කිහිපයකට පෙර ගුලාග් තුල කෲර දුක් පීඩා විදිමින් සිටි මිනිසුන් භාවිතා කල දෙවල් සහ විවිද සිහිවටන දකින වර්තමානයේ ජීවත් වන සංවේදී මිනිසුන් පවා කම්පනයට පත්කරන බවද නොවලහා කිව යුතුය.



4 comments:

  1. හොඳ ලිපියක්, මමත් මේ මාතෘකාවට අදාල රටේ තමයි ඉන්නෙ, ඒත් මේ දවස්වලනම් ඉන්නෙ වෙනදිහාවක, කොහොම උනත් අපිට එහෙ ඉඳන් හොයාගන්න බැරි දේවල් මේකෙන් කියෙව්ව, හොඳයි සහො, දිගටම ලියන්න, ඔබට ජය

    ReplyDelete
  2. @සංහිද පාමුල - ස්තූතියි! ඔබේ සහය ඉදිරියටත් දෙන්න.

    ReplyDelete
  3. me lagadi mama godak honda film ekak balanna labuna,,, ehi kiyawenne syberiawe thibu gulag sira kadurakin pena yana kandaayamak... mowun pain 4000km yanawa,, mowun baikal wila haraha gos trans saibeeriyan dumriya maga pahu kara mongoliyawata piwisenenawa,, eth ehith atte komiunist palayanak nisa mowun painma tibet ratata enawa,,, eyainda nonawathi mowun anthimata indiwata enawa, e ena gamanedi boho aya jeewithayata samu denawa..godak aya kiynawa meka kala nohakkak bawa, eth me film eka godaak watina usas film ekak... oyalath balanna ..eke nama the way back.... www.baiscope.lk web eken ekata sinhala sub pawa deela thiyenawa, kandawure minisun winda duka niyameta meke pennanawa,, me lipi liyana sahodarayata godaak thanx,, budusaranai,, mama saudiyen mahesh

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete